පැරීසියේ විල්නෙව් සෙන්ට් ජොර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර කඨින පිංකම නොවැම්බර 13 වැනි දා උදේ 10 ට ආරම්භ වේ. එහි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන පිංකමට ශ්‍රී ලංකාවේ සහ යුරෝපයේ ස්වාමීන් වහන්සේලා 15 නමක් සහභාගී වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න නියම කඨින පිංකම බලන්න සමාධියට එන්න (ම)
මදුරගේ කතාව ඇත්ත. පැරීසියේ තියෙන හොඳම කඨින පිංකම. මමත් ඔය හැම පන්සලකම කඨින බලන්න ගියා. නමුත් සමාධි විහාරයේ කඨිනයට ගියාම අනුරාධපුර අටමස්ථානයට ගියා වගේ. ඒ තරම්ම ලස්සනයි. ඒ ගැන කතා දෙකක් නැහැ (නි)
කඨින පිංකම විතරක් නොවෙයි වෙනත් පින්කමුත් ඔය පන්සලේ ලස්සනට කරනවා. කලින් හිටපු පන්සලේදී ඒ නිදහස නොලැබුන නිසා තමයි මෙතන ඒ වැඩවලට යොදා ගත්තේ. (අ)
ඇත්තටම, අපි ගොඩාක් කැමතියි මේ පන්සලේ තියෙන පිරිසිදුකමටත්, පිළිවෙලටත්. අපේ ගෙවල්වල පිළිවෙලක් නැතිවුණාට, අපි ආසයි ඇත්තටම ඒක පන්සලකින් හරි දැකලා සතුටු වෙන්න. මේ පන්සලේ විහාරගෙය පුදුම ලස්සනයි. (නි)
පුද පුජා වුණත් අනෙක් තැන වලට වඩා සන්සුන්ව අලංකාර විධිමත් ලෙස සිදු කරනවා . ශෝභන නැහැ (අ).