දිලිප් ජයසේකර
පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයකුගෙන් පහරකෑ බව කියන ටිපර් රථ රියදුරකු රෝහලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් ගැන සොයා බලන බව සුරියවැව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා කියයි.
පහරදීම ගැන පොලිසියේ පැමිණිල්ලක් නැතැයි කියමින් අවස්ථා දෙකකදී රෝහලෙන් ප්‍රතිකාර නොකර හරවා යැවූ බව පහරකෑ පුද්ගලයා අතුකෝරලගේ රංජිත් කුමාර මහතා පැවසීය.
‘‘‘මම පස් ලෝඩ් එකක් බාලා තව පස් ලෝඩ් එකක් ගේන්න යන අවස්ථාවේ එක සැරේටම කැළේ හැංගිලා හිටිය කොට කලිසමක් ඇඳගත්ත කෙනෙක් මගේ වාහනේ සටිඩ් කණ්නාඩියේ එල්ලිලා කුණු හරුපෙන් බැන්නා. මම එස්ටිඑෆ් එකේ කියා ඔහු කිව්වා. වාහනය නවත්තපන් කිව්වා. ඉස්සරහින් ටිපර් ටිකක් පාරේ තිබුණ නිසා මන් ටිකක් ඉස්සරහට ගිහන් ඉඩ තියෙන තැනකින් නැවැත්තුවා. ඒත් එක්කම එස් ටී එෆ් එකේ කියු කෙනා මට කුණු හරුපෙන් බැනලා මගේ මුහුණට හා බඩට පහර දුන්නා. වාහනය නවත්තන්න බැරිද කියා තමයි ගැහුවේ. මන් කිව්වා පාරේ ඉඩ තියෙන තැනකින් නැවැත්තුවේ කියලා.
පපුව රිදෙන නිසා සුරියැව රෝහලට ගියා.එහිදි රෝහලේ හිටිය දොස්තර මහත්තයා කිව්වා පොලිසියේ පැමිණිල්ලක් නැතිව බාරගන්න බෑ කියලා. ඊට පස්සේ මන් නැවත සුරියවැව පොලීසියට පැමිණිල්ලක් කරන්න ගියා. ඒත් ඒ වෙනතොටත් මට ඉන්න බෑ. පපුව රිදෙන නිසා මන් නැවත් සුරියවැව රෝහලට ගියා. ඒ වෙලාවේ හිටිය දොස්තර මහත්තයට මන් කිව්වා මට අමාරුයි කියලා .නමුත් දොස්තර මහත්තයා කිව්වා පොලිසියේ පැමිණිල්ලක් නැතිව රෝහලට බාරග්න්න බෑ කියලා. බැරිම තැන මන් හම්බන්තොට මහ රෝහලට ගියා. එහිදිතමයි දොස්තර මහත්තුරුන් මාව රෝහලට ඇත්ලත් කරලා ප්‍රතිකාර කළේ. ඇයි දුප්පත් අපට මෙහෙම කරන්නේ?‘ යැයි ඔහු කීවේය.
රියදුරුට පහරදෑම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ටිපර් රථ රියදුරෝ පිරිසක් අද හම්බන්තොට ගොන්නොරුව හරහා සුරියවැව දිවෙන ප්‍රධාන මාර්ගය හා මත්තල ගුවන්තොටු පොළ ප්‍රධාන මාර්ගය හරස් කරමින් පැය හතරක පමණ කාලයක් විරෝධතාවක් පැවැත්වූහ. විරෝධතාවයට එක්ව සිටි පස් ප්‍රවාහණය කරනු ලබන ටිපර් රථ රියදුරන් පැවසුවේ දිගින් දිගටම පොලිස් විශේෂ කාර්ය බළකායෙන් තමන්ට හිරි හැර සිදුවන බවයි.
පහරකැමට ලක් වු පුද්ගලයා සුරියවැව රෝහලට ඇතුලත් කර නොගැනිම සම්බන්ධයෙන් සුරියවැව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයාගෙන්ද කළ විමසීමකදී ඔහු කීවේ මේ ගැන සොයා බලන බවයි. ‘කවුරුන් හෝ රෝගියෙකු රෝහලට ආවා නම් ඒ රෝගියා රෝහලට ඇතුලත් කර ගැනිම කිසිසේත්ම ප්‍රථික්ෂේප කරන්න බෑ. පහරදිමක් නිසා රෝගියෙකු රෝහලට ආවා නම් අප කළ යුත්තේ රොගියා රෝහලට ඇතුලත් කර රෝහල් පොලීසියට ඒ පිළිබදව දැනුම් දීමයි. මා මේ වන තෙක් එවැනි සිදුවිමක් සම්බන්ධයෙන් දැනුම්වත් නෑ.මා මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන්නම්‘ යැයි ඔහු පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිසියේ පැමිණිල්ලක් නැතිව රෝහලට ඇතුළත් කරන්න බෑ කියයි