( කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල මැදබැද්ද ප්‍රදේශයේ 27 සැතපුම් කණුව ඉදිරිපිට පස්කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් නිවසේ සිටි එක් අයෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ එම නිවසේ සිටි 86 හැවිරිදි එම් .ජී .නන්දසේන නැමැති අයෙකු බවත් තුවාල ලබා ඇත්තේ මියගිය අයගේ දියණිය බව පොලීසිය කියයි.
දින දෙකක පමණ කාලයක සිට නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමඟ අද (22) පෙරවරුවේ මෙම නිවස ආසන්නයේ පිහිටි පස් කන්ද කඩා වැටීමේ අවදානමක පවතින බව මෙම නිවැසියන් දැක තිබේ.
පසුව නිවැසියන් කිහිප දෙනාම එළියට පැමිණ එම ස්ථානයේ නවතා තිබූ වෑන් රථය සහ භාණ්ඩ ඉවත් කිරීමට සූදානම් වෙද්දී එක වැරම කන්ද නාය ගොස් පස්කඳ ගේ තුළට කඩා වැටුණු බවත් එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයා පස් කන්දට යට වී සිටි බව ඇසින් දුටු නිවෙසේ දරුවෝ සඳහන් කර සිටියහ.
පස් කන්දට යට වීමෙන් තුවාල ලැබූ මියගිය පුද්ගලයා සහ ඔහුගේ දියණිය ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට මාරුකර එවා තිබිණි .රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම අය මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
පස් කන්ද කඩා වැටීමත් සමග නිවසට බරපතළ හානි සිදු වී ඇති අතර නිවෙස ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදි දෙකක් ද යට වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
මාතලේ ගලේවෙල ප්‍රධාන මාර්ගය පිහිටා ඇති ස්ථානයට පහළින් මෙම නිවස පිහිටා තිබේ. මෙම ප්‍රදේශය නායයෑමේ අවදානමක් නොතිබුණු ප්‍රදේශයක් බව ප්‍රදේශවාසීහු කියති.
කෙසේවෙතත් මෙම ස්ථානයේ තවත් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු සිදු කරමින් තිබියදී එම ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් බැමි සියල්ලම නිවස තුලට කඩා වැටීම හේතුවෙන් නිවසට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර නිවෙස තුළ තබා තිබූ බඩු මුට්ටු රැසක්ද විනාශ වී තිබේ.
මතලේ ආපදා කළමනාකරණ නිලධාරීන් මෙන්ම ගලේවෙල පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පස්කන්දක් නිවසට කඩා වැටී පුද්ගලයෙක් මරුට