IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


පාසලට නෑවිත් අමතර පන්ති පවත්වන ගුරුවරියක් ගැන පැමිණිල්ලක්

ඇල්පිටිය පෝද්දිවෙල නවෝද්‍යා පාසලේ පළමු ශ්‍රේණියේ ගුරුවරියක පාසලේ සේවයට වාර්තා නොකර එම පංතියේ දරුවන්ට සවස් කාලයේදී තමන් පවත්වන අමතර පංතියට පැමිණෙන්නැයි බල කරන බවට දෙමාපියෝ චෝදනා කරති.

“එම ගුරුවරිය අදත් පාසලට පැමිණ නැහැ.මමත් මේ පාසලට ඇවිල්ලා වැඩි දවසක් නැහැ  පාසලේ පවතින ගුරු පුරප්පාඩු ගැන නිළධාරීන්ට ලිඛිතව දැනුම් දුන්නා“යැයි පාසලේ විදුහල්පති සුමිත් දමයන්ත මහතා පැවසීය.

මේ ගැන දෙමව්පියන්ගෙන් පැමිණිලි ලැබුණු බවත් මේ ගැන සොයා බලා පරීක්ෂණයක් කරන බවත් ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යකෂක තිලක් මනෝජ් පත්මලාල් මහතා කීවේය.

         



අදහස් (0)

පාසලට නෑවිත් අමතර පන්ති පවත්වන ගුරුවරියක් ගැන පැමිණිල්ලක්

ජනහිත Tuesday, 14 February 2017 11:49 PM

සල්ලි මතම යැපෙන සමාජයක තත්වය ඕක තමා. මම හිතන්නේ නම් අපේ රටේ විතරයි ඔය අමතර පන්ති පවත්වන්නේ. මේ පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් රජය නියාමනයක් කළයුතුයි. මොකද ඔය දෙකම හරියටම කෙරෙනවද කියලා බලන්න. (නි)

:       0       0

කමල් Wednesday, 15 February 2017 12:20 PM

අහෝ හය වසරේ සිට 11 වසර දක්වා මා අධ්‍යාපනය ලැබූ පාසලේ අද සේවය කරන ගුරුවරුන් ගැන මෙවැන්නක් අසන්නට ලැබීමත් ශෝකයට කරුණකි. මා අධ්‍යාපනය ලබන සමයේ මෙම පාසල ගුරු දෙවිවරුන් වැඩ සිටි පින් බිමක් යැයි හඳුන්වා දුනහොත් එය අතිශෝක්තියක් නොවේ. අ.පො.ස. සා/පෙළ විභාගයට දින කීපයකට පෙර ද ඉංග්‍රීසි විෂය පිළිබඳව මාගේ අඩු ලුහුඬු කම් සොයා බලා මා කෙරෙහි අනුපමේය කරුණාවෙන් ඇගේ නිවසට මා ගෙන්වා ගෙන ඉගැන්වූ ගුරු මාතාවක් මහත් භක්තියෙන් අදද සිහියට නැගේ. ඒ ඇගේ පළමු දරු ප්‍රසුතියෙන් දින කිහිපයකට පසුව බවද මට අද මෙන් මතකය. තවද කිසිඳු ආර්ථික ප්‍රතිලාභයකින් තොරව පාසල් වේලාවෙන් පසුව අපට බුද්ධ ධර්මය හා සිංහල භාෂාව ඉගැන්වූ යතිවරයන් වහන්සේ නමක්ද මේ මොහොතේ මට සිහිපත් වෙයි. එවන් උත්තම ගුරු දෙවිවරු වසර 16 පසුව වුව අදද මහමගදී හමුවුවහොත් මගේ දෙදන නැමෙන්නේ මටත් හොරෙනි. ඒ ඔවුන් රුපියල් සත වලට මිල නොකළ වත්කමය, මනුස්සකමය. එහෙත් අද? (අ)

:       0       0

විජේතුංග Wednesday, 15 February 2017 07:02 AM

අද රටේ කොතැනත් තත්ත්වය ඕකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 388 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1380 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 432 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 532 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 503 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 387 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 128 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 185 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site