විශේෂ වාර්තාකරුවකු විසිනි
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම ආවරණය කිරීමට ගොස් සිටි නයිනමඩම ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතාට අද (12) ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.
ප්‍රාදේශීය සභා රැස්වීම අතරතුර තේ විවේකය සඳහා සභාව නැවැත්වූ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සුදත් පෙරේරා මහතා මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතා සිටි ස්ථානයට පැමිණ එම මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පළවූ පුවතක් සම්බන්ධයෙන් විමසා අවේගශීලීව බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ලැබී ඇති බව පොලිසිය පවසයි.
මෙම මන්ත්‍රීවරයා මීට මාස 2 ට පමණ පෙර වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සතිපොළේ රථ ගාලේ බාරකරුට කළැයි කියන පහරදීමක් සම්බන්ධව පොලිසියෙන් ලබාදුන් තොරතුරක් පිළිබඳව පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියාට බැන වැදී හා තර්ජනය කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කීය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා විසින් මාධ්‍යවේදි චන්දන ප්‍රනාන්දු මහතාට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් තේ පානයෙන් පසුව සභාව රැස්වූ අවස්ථාවේදීම සභාපති සුසන්ත පෙරේරා මහතා මාධ්‍යවේදි චන්දන ප්‍රනාන්දු මහතාට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව පලකළ අතර විපක්ෂ නායක ශිරෝන් ප්‍රනාන්දු මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී තරංඟ කරුණාරත්න මහතා මෙම බැන වැදීම හා තර්ජනය දැඩිලෙස හෙලා දකිමින් විරෝධය පල කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොට්ටුවේ මන්ත්‍රීගෙන් මාධ්‍යවේදියාට තර්ජන