(දිලීප් ජයසේකර )
වසර එකොළහකට පෙර , පහර දී සිරුර මතින් යතුරු පැදියක් ධාවනය කර , පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (04) මරණ දඬුවම නියම කළේය.
මෙලෙස මරණ දඬුවම නියම වූයේ සූරියවැව මීගහජඳුර පදිංචි උපුල් රම්‍යතිලක නැමැති 53 හැවිරිදි පුද්ගලයෙකුයට.
විත්තිකරු 2010.05.25 වන දින මීගහජදුර පහළ කුඹුක්වැව පදිංචි 44 හැවිරිදි ඩබ්ලිව්. ඒ. විජයරත්න නැමැති පුද්ගලයෙකුට පහර දී ඔහුගේ සිරුර මතින් යතුරු පැදියක් ධාවනය කර ඝාතනයට ලක් කර තිබේ.
මරණකරු විසින් විත්තිකරුගේ ඥාතිවරියකට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදු කර තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ .
ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු සැකකරුට එරෙහිව නගා තිබූ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබීම හේතුවෙන් පූර්වගාමී මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා සැකකරුට මරණ දඬුවම නියම කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් හම්බන්තොට හිටපු රජයේ අධිනීතිඥ ගයාන් පෙරේරා මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී .
විත්තිකරුට මරණ දඬුවම ලබාදෙන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා නියෝග කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පහර දී ඝාතනයක් සිදුකළ පුද්ගලයෙකුට මරණ දඬුවම