(නිමල් අල්ගෙවත්ත)
ශ්‍රීලනිපයේ හා එජාපයේ සංවිධායකවරු දෙන්නාම දන්නේ නැතිව අධ්‍යාපන කැබිනට් ඇමතිවරයා ඇවිල්ලා හබරාදුවේ බොන්විස්ටා විද්‍යාලය නිරීක්ෂණය කරනවා නම් ඒක විහිළුවක් යැයි වෘත්තීය පුහුණු හා නිපුනතා අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අද(11) පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී පැවසීය.
හබරාදුව සම්බන්ධීකරණ කමිටුව සම සභාපතිවරුන් වන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ සහ හබරාදුව එජාප සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,
‘මේ ආසනයේ පක්ෂ භේදයක් නැතිව හොදින් අපි වැඩ කරගෙන යනවා. එහෙම එකේ මේ ආසනයේ සියලු වැඩ කරන දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් කිසිකෙනෙක් දන්නේ නෑ. අධ්‍යාපන ඇමැති මෙතනට එනවා. ඉතින් අපි ඉන්නේ මොකටද? මෙහෙම වුනාම මම සැකකරනවා එජාප සංවිධායක තමයි මේ වැඩේ කළේ කියලා. එතුමා සැක කරනවා මම කැබිනට් එකේ දී මොකක් හරි ඩීල් එකක් දාගෙන කැබිනට් අධ්‍යාපන ඇමැති ගෙනවා කියලා. නමුත් හොඳ වෙලාවට එජාප සංවිධායක මට කතා කළා. එතුමා දන්නෙත් නෑ. මම දන්නෙත් නෑ. කැබිනට් අධ්‍යාපන ඇමැති මේ ආසනයට ඇවිල්ලා.
හබරාදුව එජාප සංවිධායක හබරාදුව සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපති චන්ද්‍රලාල් අබේගුණවර්ණ මහතා කියා සිටියේ ‘‘අකිල විරාජ් ඇමැතිවරයා මට කතා කරලා ඇහුවා ඇයි ආවේ නැත්තේ කියලා. මම එතුමාට කිව්වා මමත් ඇමැති චන්දිමත් මේ ගැන දන්නේ නෑ කියලා. එතකොට එතුමා කිව්වා දන්නවා නම් මම කීයටවත් ඔතනට එන්නේ නෑ කියලා. ඇයි මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ‘‘ යනුවෙනි.
හබරාදු කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකා තක්ෂිලා ජයසේකර මහත්මිය එහිදී මෙසේ කියා සිටියාය.
‘‘හබරාදුව බොන්විස්ටා එකේ විදුහල්පතිවරයා විදුහල්පති රැස්වීමට එන්නේ නෑ. අනිත් රැස්වීම්වලට එන්නේ නෑ. මම කොහොම ද ගුරුතුලනය ගැන වාර්තා දෙන්නේ. අපි එක්ක ඒ විද්‍යාලය කිසිදු සම්බන්ධකමක් පවත්වන්නේ නෑ. අපේ කොට්ඨාසයේ තිබුනට ඒ පාසල එක්ක මට වැඩ කරන්න බෑ. මම මාණ්ඩලික නිලධාරියෙක් විදියට ඒ පාසල ගැන වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවට කිසිම ප්‍රතිචාරයක් නෑ. ඒ නිසා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට ලිඛිතව දැන්වුවා මේ පාසල සම්බන්ධයෙන් මම සොයා බලන්නේ නෑ කියලා‘‘
වෘත්තීය පුහුණ හා නිපුනතා අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ ‘ඒක ඔබතුමියලන්ගේ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් නේ. දැන් අද ඒ විදුහල්පතිවරයා මේ රැස්වීමට ආපු නිසා ඉදිරියේ දී එයි මම හිතන්නේ. අපිට ප්‍රශ්නයක් නෑ බොන්විස්ටා එකේ ඉඩ තියේනම් ළමයි ගත්තට. නමුත් රජයේ ප්‍රතිපත්තිය අනුව වැඩ කරන්න ඕන. පාසලක් හැදිලා තියන තැන ද්වීතියික පාසල් අස්සේ තව එක එක්කෙනාට ඕන විදියට පාසල් ගෙනත් දානවා. ඔය පටන් ගන්න පාසල් වල රජයේ ප්‍රතිපත්යේ නැති වුනාම කවුද දැන් කරන අය නැති වුනාම ඕවා කරන්නේ. කෙහොම වුනත් ඉදිරයේ දී වැඩ කරන කොට සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කරලා වැඩ කරන්න‘ යනුවෙනි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘බොනවිස්ටාවට අධ්‍යාපන ඇමැති ආ එක විහිළුවක්‘ - චන්දිම වීරක්කොඩි
himal Monday, 11 September 2017 07:25 AM
මේ වෙලා තියෙන්නේ තමන්ගේ මාන්නය ගැන ප්‍රශ්නයක්. රටේ අධ්‍යාපන ඇමති තමන්ගේ අමාත්‍යංශය යටතේ තියෙන පාසලක් නිරීක්ෂණයට යනවා. ඒක රාජකාරි වැඩක්. දේශපාලන රැස්වීමක් තියන්න ආවා නම් සංවිධායකලට කියලා එන්න තිබ්බා. මේ අර කමිටු, මේ කමිටු තියෙන්නේ වැඩ කරන්න මිසක් වැඩ අනන්න නෙවෙයි.
nilmini Monday, 11 September 2017 08:05 AM
මේ ඇමති සහ අනිත් දේශපාලකයා කතාකරන්නේ මොනවාද ? වැදගත් වෙන්නේ ඇමතිගේ පැමිණීමද දෙපාර්තුමේන්තුවේ කටයුතු සිදුවීමද ? දේශපාලකයන්ට අමුතු උමතුවක් ඇවිත්. අධ්‍යාපන ඇමති ඉස්කෝලවලට ඇවිත් බලන්නේ නැතුව හරක් මඩු බලන්නද ? නිලධාරීන් නීතිය කටයුතු කරන්න ඕන මේ නුගත් නාස්තිකාර දේශපාලකයෝ කියනවිදියටද ?
sachith Monday, 11 September 2017 08:13 AM
අධ්‍යාපන ඇමතිවරයාට ශ්‍රී ලංකාවේ ඕනෑම රජයේ පාසලකට යන්න අයිතිය තියෙනවා. එකට ඒ පාසැල අයිති ආසනයේ සංවිධායකවරු දැනුවත් කරන්න අවශ්‍ය නෑ. මේකෙන්ම තේරෙනවා අපේ රටේ දේශපාලඥයෝ මොන වගේ මානසිකත්වයකද ඉන්නේ කියල. එහම හිතල ආසනේට වැඩ කරනවානම් අපි මෙලහකට සිංගප්පුරුවටත් වඩා කරලා දියුණු වෙලා.
sahan Monday, 11 September 2017 10:29 AM
මහරාජාගේ කාලේ සද්දනැතිව හිටපු කෙනා දැන් චන්ඩියා වෙච්ච හැටි...
chathura Monday, 11 September 2017 10:31 AM
චන්දිම මහත්තයට ඊළග ඡන්දෙදි ඇපත් නැහැ, කලින් දිනුවේ දොඩන්ගොඩ මහතාගෙයි ,මහින්ද මහතාගෙයි නම විකුණලා. ඊළඟ ඡන්දෙදි මෙයා ළඟ ඉදපු මල ගෙවල් නියෝජිත මාදුගොඩ මහතාටත් පැරදිලා නවතින්නේ.....
amanda Monday, 11 September 2017 06:35 PM
කකුළුවා දගලන්නේ වතුර නටන තෙක් පමණි
ravin Tuesday, 12 September 2017 05:50 AM
ඇමති වරුන්ට අයිති විෂයන් ගැසට් මගින් වෙන්කරලා තියන බව නොදන්නා කෙනෙක් වගේ? කට ටිකක් අරිනකොට මොළේ හොඳටම අරින්න ඕනේ.
kumar (galf) Tuesday, 12 September 2017 08:23 AM
අධ්‍යාපන ඇමතිට පාසලකට යන්නේ අධ්‍යාපන නිළධාරීන්ගේ ආරාධනා අවශ්‍ය නෑ. ඉස්සර ඊරියගොල්ල අධ්‍යාපන ඇමතිව ඉන්නකාලේ රහස් චාරිකා කරලා තමා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හොරු අල්ලලා ඒක සුද්ධ කරලා විධිමත් ආයතනයක් කරේ.