(සිතුම් චතුරංග)
වවුනියාව ඊරට්ටපෙරියකුලම් පැරකුම් විද්‍යාලයේ ගුරුවරියක් බඹර ප්‍රහාරයකට ලක් වී අද (03) වව්නියාව රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම සිදුවීම මුල් කරගනිමින් අද (03) පාසල වසා දැමීමට විදුහල් පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
මෙලස බඹරු දෂ්ඨ කිරීමෙන් රෝහල්ගත කර ඇත්තේ එස්. විනෝදා නැමති යාපනය ප‍්‍රදේශයේ පදිංචි ගුරුවරියකි.
විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලේ වහලෙහි තිබු බඹරකූඩුවෙහි කොටසක් අද(03) උදෑසන කඩා වැටී ඇති අතර විදුහල පුරා උදෑසන බඹරුන් සැරිසරමින් සිටි බව ගුරුවරු පවසති.
පාසලේ අධ්‍යාපනකටයුතු ආරම්භ කොට තිබියදී බඹරකූඩුව ඇවිස්සී ඇති අතර බඹරුන් හේතුවෙන් ගුරුවරුන්ට හෝ පාසල් සිසින්ට විද්‍යාල භූමියෙන් පිටතට පැමිණීමට නොහැකි තත්වයක් උදාවී තිබූ අතර එහිදී සිසුන්ගේ ආරක්ෂාව සඳහා සිසුන් නිවෙස් යෑවීමට ගුරුවරුන් විසින් කටයුතු කළේය.
පැරකුම් විද්‍යාලයේ බඹරුන් ඇවිස්සී ඇති බවට අදාල අංශ වෙත දැණුම්දී පැය ගණනක් යනතුරු කිසිදු බලධාරියකු නොපැමිණි බවද විදුහලේ මාපියෝ පවසති.
විදුහල අසල මාර්ගයේ ගමන් කිරීමට පැමිණි ප‍්‍රදේශවාසීන් කිහිපදෙනකුටම බඹරුන් දෂ්ඨ කළ බවද ඔවුහු වැඩිදුරටත් පැවසීය.
බඹර කූඩු හේතුවෙන් පසුගිය මාර්තු 29 වැනිදා ද මෙම පාසල වසාදැමීමට සිදුවූ අතර එහිදී පැවති වාර විභාගයද අවලංගු කෙරිණ.
වවුනියාව අධ්‍යාපන කාර්යාල ප‍්‍රකාශකයකු සඳහන් කර සිටියේ බඹරකූඩු සම්බන්ධයෙන් මේ වන විට අදාල අංශ දැනුවත් කර ඇති අතර එය ඉවත් කරන්නේ කවදාද යන්න මෙතෙක් නිශ්චිතව කිව නොහැකි බවයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බඹර ප්‍රහාරයට ලක් වු පාසල් ගුරුවරිය රෝහලේ