ඩොමිනිකන් සමූහාණ්ඩුවේ සිට මැන්චෙස්ටර් වෙත පියාසර කරමින් තිබූ තොම්සන් ගුවන්සේවයට අයත් බොයිං 787 ඩ්‍රීම්ලයිනර් ජෙට් යානයක එන්ජිමක සිදුවූ දෝශයක් හේතුවෙන් පෘතුගාල දූපතක් වූ ඇසොරේස් වෙත හදිසියේ ම ගොඩබෑමට සිදුවිය.
මේ හදිසි ගොඩබෑම සිදුවෙද්දී යානයේ මගීන් 288 දෙනකු සිටියහ. නියමුවා පවසා ඇත්තේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එක් එන්ජිමක් ක්‍රියාවිරහිතවූ බැවින් මෙලෙස හදිසියේ ම ගොඩබාන බවයි. ඇසොරේහි ලජාස් ගුවන් තොටුපොළ යුද හමුදා පාලනය යටතේ පවතින්නකි. යානයේ මගීන් චෝදනා කරන්නේ ඔවුන්ට පැය පහක් යානය ඇතුලේ ජලය සහ බිස්කට් පමණක් ලබාදෙමින් තමන් රඳවාගෙන සිටි බවයි. ඉන්පසු මගීන්ට වාඩිවීමට ආසන කිහිපයක් පමණක් තිබෙන ස්ථානයකට ගෙනගිය බවත් ඒ ස්ථානය වටා අවිඅත දරගෙන හමුදා භටයන් සිටි බවත් මගීන් පවසයි.
මේ පිරිස ගෙන යාමට පැමිණි බොයිං 767-300 යානය ද ගුවන්ගත කිරීමට නිකරුණේ පැයක් පමණ ප්‍රමාද වූ බව මගීහු කියති. යානයේ ප්‍රමාද කාලය පැය 11ක් හා විනාඩි 23කි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාදය ගැන හිතනවට වඩා තමන්ගේ ජීවිතය බේරලා දුන්න නියමුවන්ට සතුට පල කෙරුවනම් හොදා නේද.(නදී)
තව නුලෙන් ජීවිතේම ප්‍රමාද වෙන්න තිබුණනේ ඒ ගැන නියමුවාට ස්තුති කරනවා (අ)
ආදර්ශමත් ගුවන් නියමුවෙක් (අ)