එංගලන්තයේ බ්‍රිස්ටල් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය විහාරාධිපති පැල්වත්තේ ධම්මානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සංවිධානයෙන් ඉතා අලංකාරමත්ව පැවැත්විණි.
කාඩීෆ්, ග්ලොෂ්ටර්,ස්වින්ඩන්,සවුත්හැම්ටන්,බ්‍රිජ්වෝටර් ආදී නගරයන්හි ජීවත්වන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට හා ප්‍රාදේශීය සුදු ජාතික බෞද්ධ ජනතාව වෙනුවෙන් එංගන්තයේ නිරිත දිග පළාතටම ඇති එකම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය යි.
බ්‍රිස්ටල් නගරයේ පදිංචි පරිගණක ඉංජිනේරු අමිල වාසලතන්ත්‍රී මහතා, චාමනී වාසලතන්ත්‍රී මහත්මිය,සෙනුලි වාසලතන්ත්‍රී දියණිය ඇතුළු පවුලේ සාමාජික පිරිසක් මෙහි ප්‍රධාන දායකයෝ වූහ.
පිටිගල ගුණරතන හිමියෝ ලංකාවෙන් වැඩම කර සිටියහ.
එංගලන්තයේ ලන්ඩන්, බර්මින්ග්හැම්, ඔක්ෂ්පර්ඩ්, ලෙස්ටර්, නොටින්ග්හැම්,ලිවර්පූල් ආදි නගරයන්හි බෞද්ධ විහාරස්තාන වලින් ස්වාමීන් වහන්සේලා දහසය නමක් පමණ එයට වැඩම කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් මේ පිංකමට ගියා. හරිම ලස්සනයි. අපේ ස්වාමීන් වහන්සේ අපට සම්පතක්. (නි)
ධම්මානන්ද ස්වාමින් වහන්සේ නිසා ලැබුන විශේෂ අවස්ථාවක්. බොහොම හොඳින් කෙරුණු පින්කමක්. (නි)
අපිත් මේ පිංකමට ගියා. හරිම ලස්සනයි.(ම)
සියළු දෙනාට තෙරුවන් සරණයි! (නි)
අගනා පින්කමක් කර ඇති බව පෙනුනා. ඔබවහන්සේට මෙවැනි පින්කම් කරන්න තව තවත් ශක්තිය තෙරුවන් සරණින් ලැබේවා! (නි)