(එම් .සුසිල් ප්‍රියන්ත, එස්.ඒ.වයි ද සිල්වා)
ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙක් කාරණා දෙකක් සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට කලු ඇදුමින් හා කලු පටි පැළද අද (17 ) පැවති බලපිටිය ප්‍රාදේශීය සභා මාසික රැස්වීමට පැමිණියහ.
ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන නුවන් සම්පත් හා චරිත් මහේන් යන මහත්වරුන් දෙදෙනා එක් කාරණාවක් සම්බන්ධයෙන්ද සහ හිටපු සභාපති වත්මන් ප්‍රාදේශීය සභා මන්ත්‍රි ඒ දයාරතන ද සිල්වා මහතා තවත් කාරණාවක් සම්බන්ධයෙන්ද මෙසේ විරෝධතා දැක්වීමට කලු ඇදුමින් හා කළු පටි පැළද සභා ගර්භයට පැමිණ අසුන් ගත්හ.
මෙතෙක් කලක වණ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හිමිව තිබූ අවශේෂ වනාන්තරවල බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා දිස්ත්රික් ලේකම්වරුන්ට පැවරීමට විරෝධය පා ස්වාධීන මන්ත්‍රීවරුන් වන නුවන් සම්පත් හා චරිත් මහේන් යන මහත්වරුන් මෙසේ විරෝධතාව දැක්වූ අතර හිටපු සභාපති වත්මන් ප්‍රාදේශීය සභා මන්ත්‍රි ඒ .දයාරත්න මහතා මෙසේ විරෝධතාව දැක්වූයේ බලපිටිය හරස්පොලේ ඉදිකිරීමට යෝජිත්ව තිබූ ධීවර වරාය වෙනත් ස්ථානයක ඉදිකිරීමට විරෝධය පාමින්ය.
මෙතෙක් කලක් වණ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා දිස්ත්රික් ලේකම්වරුන්ට පවරා ඇතැයි කියමින් විරෝධතා පුවරුවක් ඔසවාගෙන මේ ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනා බලපිටිය මහ පාලම අසල සිට ගාලු පාරේ එක් මංතීරුවක් වැසෙන සේ පාගමනිනි බලපිටිය ප්‍රාදේශීය සභාව ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයකද නිරතවූහ.
ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා විරෝධතා පුවරුව ඔසවාගෙනම ප්‍රාදේශීය සභා ගර්භයට ඇතුළු වුහ.
බලපිටිය ප්‍රාදේශීය සභාපති එන්.සමන්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්වීම බලපිටිය ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.
මේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවන් සභා රැස්වීමේ සාකච්ඡා වූ අතර එම විරෝධතාවන්ට පක්ෂව හා විපක්ෂව මන්ත්‍රීවරුන් අදහස් දැක්වූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බලපිටිය ප්‍රා. සබේ මන්ත්‍රීවරු කලු පටි පැළද සභා ගැබට එති