(එම්. සුසිල් ප්‍රියන්ත සහ ගාමිණී මහදුර)
සිය ගම්මානවලට සන්නිවේදන තරංග (සිග්නල්) අවහිර කර ඇතැයි කියමින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය අවට ගම්මාන 20ක පමණ ජනතාව අද (9) ගාලුපාරේ බූස්ස මංසන්ධියේ සිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.
බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් කොට දිවයිනේ නමගිය සංවිධානාත්මක අපරාධකරුවන් එහි ගෙනවිත් දැමීමත් සමගම ඔවුනට දුරකතන භාවිතා කිරීම නතර කිරීමේ අරමුණින් සන්නිවේදන තරංග අවහිර කිරීම නිසා සිය ගම්මානවලට මේ තත්වය උදාවූ බව උද්ඝෝෂකයෝ පැවසූහ.
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිට ගුවන් දුර සැතපුමක් ඇති ගම්මාන වලට මේ සන්නිවේදන තරංග අවහිරතාව බලපා ඇති බවද ඔවුහු පැවසූහ.
මේ නිසා බූස්ස, පිටිවැල්ල, ගිංතොට, කදූරුපේ, මලිදූව, ඇතුළු ගම්මාන 20කට පමණ මේ සන්නිවේදන තරංග අවහිරතාව බලපා තිබෙන බව උද්ඝෝෂකයෝ පැවසූහ.
මේ තත්ත්වය නිසා කොවිඩ් වසංගතය නිසා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තමන්ට නිවසේ සිට රාජකාරි කටයුතු කිරීමට නොහැකිවී ඇති බවත් තමන්ගේ දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ නිවසේ සිට අධ්යාවපන කටයුතු කරගෙන යාමට නොහැකි වී ඇති බවත් එමෙන්ම හදිසි දුරකථන පණිවිඩයක් ලැබීමට හෝ ලබා දීමට නොහැකිවී තිබෙන බවත් ඔවුහු කීහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බූස්සේ උද්ඝෝෂණයක්