(නිමල කොඩිතුවක්කු)
භාවිතයෙන් ඉවත්කරනු ලැබු දුම්රිය මැදිරි 200ක් නැවත ප්‍රතිසංස්කරණය කර ධාවනයට එක් කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුමේනියානු මැදිරි 138ක් හා එස් 8 බලවේග කට්ටල 52ක් ධාවනයට එක්කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ කොළඹදී අද (27) පැවසීය.
ඉතිරි මැදිරි ලබන මැයි 15 දිනට ප්‍රථමව අලුත්වැඩියාවන් සිදු කර ධාවනයට එක්කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතියේ කටයුතු සොයාබැලීම සඳහා දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අංගනයට ගිය අවස්තාවේදී ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මේ බව පැවසීය.
මෙම ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු වියදම රුපියල් මිලයන 2388ක් වන අතර රුමේනියානු මැදිරියක් සඳහා රුපියල් මිලියන 13.1 හා එස් 8 බලවේග කට්ටල මැදිරියක් සඳහා රුපියල් මිලියන 9.1ක් වැයවනු ඇතැයි ඇස්තමේන්තු ගත කර ඇත.
වර්තමානයේ නව ඉන්දියානු මැදිරියක් ආනයනය කිරිමට රුපියල් මිලියන 91 අධික මුදලකුත් චීන බලවේග කට්ටල මැදිරියක් ආනයනය කිරීමට රුපියල් මිලියන 131ක පමණ මුදලකුත් වැය වන බවත් අමාත්‍යවරයා කීවේය.
දේශීය කාර්මිකයින් හා ඉංජිනේරුවන් යොදා ගනිමින් අලුත්වැඩියාවන් සිදු කරනු ලබන මෙම ආයතනය දේශීය ආයතනයක් වීමෙන් රටට විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබි ඇති බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
තවත් දුම්රිය මැදිරි 100 ක් මේ අයුරින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බැවින් එම කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු යොදන ලෙසත් අමාත්‍යවරයා එහිදී නිළධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි 200 ක් ප්‍රතිසංස්කරණයට