අන්තර් මෝසම් වැසි නොලැබීමත්, සුළං ධාරා වල ඇති වී ඇති වෙනස්කම් නිසා පහළ වායුගෝලයේ පමණක් ජල වාෂ්ප වැඩිවී ප්‍රදේශ රැසකට දහවල් කාලයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2-3 කින් පමණ වැඩි වී ඇති බැවින් ශරීරය හිරු එළියට විවෘත කර අධික ලෙස වෙහෙසීමෙන් වලකින්නැයි අනාවැකිකරණ හා කෘෂි කාලගුණික අධ්‍යක්ෂ කේ.එච්.එම්.එස්. ප්‍රේමලාල් මහතා පවසයි.
මෙම නිසා ශරීරය වෙහෙසට පත්වන විට ශරීර උෂ්ණත්වය වැඩි වුව ද, එය අඩුකර ගැනීමට හැකියාවක් නැත.
ඉදිරි කාලයේ විශේෂයෙන් අප්‍රෙල් මස සිට බලාපොරොත්තු විය හැකි අන්තර් මෝසම් වැසි සමග මෙම තත්ත්වය තාවකාලිකව අඩු වුව ද, වඩා වැඩි සහනයක් බලාපොරොත්තු විය හැක්කේ, මැයි මස අග භාගයේ දී නිරිත දිග මෝසම් වැසි ලැබීමත් සමගය.
සවස 4.00ට
ශ්‍රී ලංකාව පුරා තව දුරටත් වියළි කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුළං නිරිත දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර් 20-30ක් පමණ වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 22/03/2016 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
37 |
23 |
90 |
40 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මඩකලපුව |
32 |
23 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
කොළඹ |
33 |
25 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
ගාල්ල |
33 |
25 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
යාපනය |
36 |
23 |
70 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
35 |
20 |
90 |
35 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
නුවරඑළිය |
24 |
12 |
60 |
20 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
රත්නපුරය |
36 |
24 |
95 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
ත්‍රීකුණාමළය |
33 |
22 |
95 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මන්නාරම |
34 |
23 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනාන්තර එළිකරන එකට විරුද්ධවෙන ගමන් අපි අපේ තරමින් ගස් හිටවමින් ලබන අවුරුද්දෙ මීටත් වඩා වැඩියෙන් දැනෙන රෂ්ණය අඩුකරගන්න බලමු (නි)
මේ රස්නෙයි ගසුයි අතරේ සම්බන්ධයක් නැහැ. ප්‍රබෝධ, ඔයා ලංකාව පුරාම ගස් ඉන්දුවත් මේ රස්නය එහෙමම තියේවි (නි)
විල්පත්තුව විනාශ කරන අයට සතුටු ඇති. ඒවාට ඇස් කන් පියාගෙන හිටපු හා ඉන්න අවස්ථාවාදී දේශපාලුවන්ටත් සතුටු ඇති! සිංහරාජේ, නැගෙනහිර පළාතේ කැලේ ඔය සේරම තිබුනා නම් මේ වැඩිවීම ටිකකින් හරි අඩු කරගන්න තිබුනා (නි)
ගස් වලින් සෙවනක් ලැබෙනවා.(හේ)
එළිමහනේ අවුවේ වැඩ කරන කම්කරුවන්ගේ ශරීරය වාතයට නිරාවරණය නොවන ලෙස තබාගන්නා ලෙස ඔවුන්ට උපදෙස් දීම සුදුසුයි. (නි)