(ඉන්දිකා රාමනායක)
කොළඹ අපරාධ කොට්ඨාසය මේ වසරේ කළ විමර්ශන වලින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජියක් 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.
මෙම පිරිස අතර මාකදුරේ මධුෂ්ගේ , අංගොඩ ලොක්කාගේ , කෙසෙල්වත් දිනුකගේ, දුනගහ සංජීවගේ ගෝලයන් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
මෙම අපරාධ කරුවන් දැනට රටින් පැනගොස් සැගව සිටින අතර ඔවුන් මෙම ගෝලයන් ලවා මත්කුඩු ජාවාරම ඇතුලූ අපරාධ සිදුකර කරන බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම සැකකරුවන්ට අමතරව ටී 56 ගිනි අවියක්, පිස්තෝල දෙකක්, රිවෝල්වර එකක්, රිපීටර් ගිනි අවි එකක්, ගල්කටස් ගිනි අවි එකක්, අත් බෝම්බයක් හා සමග විවිධ වර්ගයේ ජීව පතුරම් 661 සොයා ගෙන ඇති බවද ඒ මහතා කීය.
තවද හොරොයින් කිලෝ එකයි. ග්‍රෑම් 398 ක ප්‍රමාණයක්, ගංජා කිලෝ 1 යි ග්‍රෑම් 15 ක්, සහ මත්පැන් බෝතල් 2211 ක්, අසිස්, කොකේන් වැනි මත්ද්‍රව්‍ය ද අත්අඩංගුවට ඇත.
මෙම මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම සදහා පොලිස්පතිවරයාගේ සංකල්පයක් මත කොළඹ ප්‍රදේශය ආවාරණය වන පරිදි සන්නද්ධ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ සන්නද්ධ යතුරුපැදි කණ්ඩායම් මෙහෙයුම් සදහා යෙදවා ඇති බවද හෙතෙම කීය.
මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් 33 වාර්තා වී ඇති බවත් ඉන් සිද්ධීන් 24 ක ප්‍රධාන සැකකරුවන් ගිනි අවිය ද සමග අත්අඩංගුවට ගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා කීය.
ඉතිරි සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් එම සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් ඉදිරි මාස කිහිපය තුළ අත්අඩංගුවට ගත්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය කාලය තුළ සිදු වු විවිධ අපරාධ සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජකියන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මේ වසරේදී අපරාධ කල්ලි සාමාජිකයින් 17 ක් අත්අඩංගුවට