(තිලකරත්න දිසානායක)
මගී ප්‍රවාහන සේවාවකට සම්බන්ධ වෙමින් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක් පවත්වා ගෙනගිය බව කියන පුද්ගලයෙකු සමග ඔහු සතු මෝටර් රථයක් සහ හෙරොයින් ග්‍රෑම් 15 ක ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
වත්තල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරුවා දෙදරු පියෙකු වන අතර මොහු මගී ප්‍රවාහන සේවාවක රැකියාව කරන අතරතුරදී මිනුවන්ගොඩ, ගම්පහ ඇතුලු අවට ප්‍රදේශයන්ට මත් කුඩු අලෙවි කරනු ලබන බව අනාවරණය වී ඇති බවත් සැකකරු සන්තකයෙහි තිබී වටිනාකම රුපියල් ලක්ෂ 8 ක් පමණ වටිනා හෙරොයින් මිලි ග්‍රෑම් 15 ක් සමග රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා මෝටර් රථයද මෙලෙස අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මත් කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොටුගොඩ සහ නැදගමුව යන ප්‍රදේශයන්හිදී අත්අඩංගුවට ගෙන මත්කුඩු බෙදාහරිනු ලබන පුද්ගලයින් පිළිබඳව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ වැගන් ආර් වර්ගයේ සුදු පැහැති මෝටර් රථයකින් පැමිණෙන පුද්ගලයෙකු විසින් ගම්පහ, මිනුවන්ගොඩ ඇතුළු අවට ප්‍රදේශයන්ට මත්කුඩු බෙදාහැරීම කරනු ලබන බවයි.
මේ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් දින කිහිපයක් තුළ සිදුකළ පරීක්ෂණයේදී මිනුවන්ගොඩ, නැදගමුව වැවේ හන්දිය අසලදී අදාල වෑන් රථයෙන් හෙරොයින් රැගෙන යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.
මෙම සැකකරු සමග මත්කුඩු බෙදාහරිනු ලබන ජාලයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.
දැනට අත්අඩංගුවේ පසුවන සැකකරු බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත උතුර බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂණ සිදුකෙරණි.
සැකකරු සහ නඩු භාණ්ඩ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්කුඩු ජාවාරම්කරුවෙක් වාහනයක් සමග අල්ලයි