(සිතුම් චතුරංග)
කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනකු කිලිනොච්චිය, භාරතීපුරම් ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලැබුණ තොරතුරක් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර කේරළ ගංජා කිලෝ එකයි 150ක්, හෙරොයින් මිලිග්‍රෑම් 170 හා මත්ද්‍රව්‍ය අලෙවිකර ලබාගත් රුපියල් 308,000 ක් ද සොයා ගත් බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසූයේ හෙරොයින් සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ප්‍රධාන ජාවාරම්කරු පිළිබඳ තොරතරු අනාවරණය වූ බවයි.
ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ යතුරුපැදියේ අසුන යට තිබී මුදල් හා කේරළ ගංජා සොයා ගත් බව පොලිසිය පවසයි.
එක් සැකකරුවකු මුලතිව්,වැලිඔය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පුද්ගලයකු බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිලිනොච්චිය භාරතීපුරම් හා මුලතිව්, වැලිඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 ත් 32ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට