නිශාන්ත කුමාර
බාල වර්ගයේ ජංගම දුරකතන සහ දුරකතන සමාගම් නිසි ක්‍රමවේදයකින් තොරව සුලු මුදලට අලවි කරන සිම්පත් නිසා නීති විරෝධී කටයුතු මැඩලීම පොලීසියට විශාල ගැටලුවක් වී ඇතැයි බදුල්ල සහකාර පොලිස් අධිකාරී උදිත් එන්.පී.ලියනගේ පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (02) මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ පැවති මත් ද්‍රව්‍ය විරෝධී වැඩසටහනකදීය.
මෙම ජංගම දුරකතන හා සිම්පත් සඳහා නීති පද්ධතියක් ස්ථාපනය කරන්නේ නම් රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙම නීතිවිරෝධී ජාවාරම් මැඩලීම පොලීසියට සුලු කටයුත්තක් බවද පොලිස් අධීකාරිවරයා පැවසීය.
මීගහකිවුල හා ඒ අවට ප්‍රදේශ තුල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හෙරොයින් ,කේරල ගංජා ඇතුලු විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට මීගහකිවුල පොලිස් බල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් , රාජ්‍ය ආයතන ප්‍රධානීන් , පාසල් ගුරුවරුන් ඇතුලු සමාජයේ විවිධ තරාතිරම් වල වගකිවයුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.
මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතාගේ අදහසකට අනුව කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම් සිරිවර්ධන මහතා සහ මීගහකිවුල ප්‍රාදේශීය සභාව වැඩසටහන සංවිධානය කර තිබුණි.
එහිදී පොලිස් අධීකාරීවරයා මෙසේද කීවේය.
‘‘ මුදලට පුදුම විදිහට ලොල්වූ සමාජයක් තමයි අද තියෙන්නේ. සමස්ත ශ්‍රී ලාංකිකයා තුලම ඒ තත්ත්වය පවතිනවා. ඒ නිසා හැම දෙනෙක්ම අද රටට මොනව වුනත් තමුන්ට ලැබෙන කොමිස් එක මත තමයි කටයුතු කරන්නේ. එතනින් එහා වෙන දේ ගැන හිතන්නේ නැහැ.
නමුත් රටක මිනිස්සු විදිහට පොදුවේ හිතනවා නම් මේ රටේ සිදුවන ගොඩක් අපරාධ මැඩලීම ඉතාමත් පහසුයි. ඒ වගකීම අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා මුදලට ගරු නොකරන සමාජයක් අප අතර නිර්මාණය කර ගත යුතුයි.
විශේෂයෙන්ම (ඊෂි කෑෂ්) හරහා අද කුඩු ජාවාරම ඉතාම පහසුවෙන් සිදුවෙනවා. අද මේ හරහා බන්ධනාගාර තුල සිට පවා මෙම ජාවාරම් මෙහෙයවන තත්ත්වයට පත්ව තිබෙනවා.
අද මේ රටේ ඕනැම තැනකින් ඉතා අඩු මුදලට බාල ජංගම දුරකතන ගන්න පුලුවන්. ඒවා නිසි ලියාපදිංචියක් සිදුවී නැහැ. ඒ වගේම ඇතැම් දුරකතන සමාගම් පදික වේදිකාවේ ඉදගෙන ඉතා අඩු මුදලට සිම්පත් අලවි කරනවා. මේවා හරි ලියාපදිංචියක් සිදු වෙන්නේ නැහැ.
මේ තුල අපි යම් සිද්ධියකට සම්බන්ධ දුරකතන අංක අනාවරනය කර ගත්තත් අනන්‍යතාව හොයාගැනීමට යාමේදී අපේ පරීක්ෂණ අතරමැද නවතා දමන්නට අපිට සිදුවෙනවා.ඇතැම් විට මිය ගිය පුද්ගලයින්ගේ සිම්පත් හරහා මෙම ජාවාරම් සිදුවෙනවා. මේක රට තුල ඉතා පුළුල් ජාලයක් විදිහට සූක්ෂම අයුරින් සිදුවෙනවා.
මේ ගැටලුව නිසා අද අපේ බොහෝ පරීක්ෂණ අතරමග නතරවී තිබෙනවා. මේක කාට කීවත් තාම විසදුමක් ලැබී නැහැ. මේකට විසදුමක් ලැබෙනවා නම් මේක නවත්තන්න පුලුවන්. මේක පොලීසියට නතර කරන්න බැහැ කියල බොහෝ දෙනෙකු කියනවා. ඒකට හේතුව මේ දුරකතන හා සිම්පත්වල ගැටලුවයි. මේ ගැටලුව විසදනවා නම් අපිට ඉතා පැහැදිලිවම මේ ජාවාරම් නවත්තන්න පුලුවනි.
හැබැයි අද වන විට නගරයේ වගේම ගමේත් මේක ව්‍යසනයක තත්ත්වයට පත්වෙලා. හැබැයි ගම තාමත් මුලුමනින්ම සමාජයට නිරාවරනය වී නැහැ. ඒ නිසා මෙහි යෙදෙන පිරිස් හොයා ගැනීමත් ඒ හරහා මෙම ජාවාරම් මැඩලීමත් නගරයට සාපේක්ෂව පහසුයි. ඒ සඳහා අපි සියලු දෙනා කණ්ඩායමක් විදිහට එකතු විය යුතුයි.
මෙය අපි අභීයෝගයක් කරගෙන ප්‍රදේශ මට්ටමින් හෝ සංවිධානය වී මීට විසදුම් සෙවිය යුතුයැයි මා විශ්වාස කරනවා.
මේවාට යොමුවූ පිරිස් ගැනත් අපි සිතන්න අවශයයි. මේ අය මේවාට යොමුවී තියෙන්නේ කුමන හේතුවක් නිසාද කියා අපි සොයා බලා ඒවාට විසදුම් ලබාදීමේ අවශ්‍යතාවයක් තියෙනවා.
අද ගුරුවරුන් සිසුන් අතර සම්බන්ධතාව මෙන්ම දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාව බිද වැටී තිබෙනවා. මව පියා ඒ ඒ ලෝක වල. දරුවෝ තනි වෙලා. ඒ අයට ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ. මේවැනි තත්වයක් මත ඒ අය වැරදි තැන්වල නතර වෙනවා. ඒ නිසා සමාජයෙන් නීති විරෝධී දේවල් අයින් කළ පමණින් මේ ප්‍රශ්නය විසදන්නට බැහැ. ඔවුන් ඒ තත්වයට පත්වීමට හේතුවත් සොයා බැලිය යුතුයි.
ඒ සඳහා ආයතන මට්ටමින් , පාසැල් මට්ටමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි සංවිධාන ජාලයක් හදා ගත යුතුයි. ඒ වගේම මේ ජාවාරම් වල නිරත පිරිස් රැස් කර ඔවුන්ට මේ ගැන පහදා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නටත් අපි කටයුතු කළ යුතුයි‘‘.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ජංගම දුරකත විශාල ගැටලුවක්