(ප්‍රසන්න පත්මසිරි)
ලුණුගල හොප්ටන් ප්‍රදේශයේ බීර මත්පැන්හලක් ආරම්භ කිරීමට අවසර දුන්නා යැයි කියන ලුණුගල ප්‍රාදේශීය ලේකම්වරයාට විරෝධය පා එය වහාම වසාදමන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු සිවිල් සංවිධාන රැසක ජනතාව අද(23) සවස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.
හොප්ටන් 20 කණුව ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බීර වෙළදසැල ජනතා විරෝධය නිසා වසර දෙකකට අධික කාලයක් වසා තබා තිබිණි. ප්‍රදේශවාසීන්ට හොර රහසේම එය නැවත ආරම්භ කිරීමට බලපත් නිකුත්කිරීම නිසා මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
ලුණුගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් යපම්ම ශ්‍රී රම්‍ය විජයාරාමයේ විහාරාධිපති කැන්දවින්නේ ගුණානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශයේ සිවිල් සංවිධාන, පාසල් හා දහම් පාසල් ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් බැනර් පුවරු අතැතිව පැය දෙකකට අධික කාලයක් උද්ඝෝෂණයේ නිරතවූහ.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ පැවසුවාය.
'මත්පැන් වෙළඳසැල් සදහා බලපත් නිකුත් කිරීම සදහා බලය ඇත්තේ සුරාබදු කොමසාරිස් වරයාට සුරාබදු කොමසාරිස්වරයා එම ස්ථානයේ බියර් වෙළඳසැලක් ආරම්භ කිරීමට නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව තමයි ප්‍රාදේශීය ලේකම් බලපත් නිකුත් කර තිබෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස්වරයා දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයාට මම උපදෙස් දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තමා කටයුතු කරනවා'' යැයිද ඇය පැවසුවාය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මත්පැන්හලක් වසාදමන්නැයි ලුණුගල හිමිවරු විරෝධයක