(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර මහ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රීවරියකට ව්‍යාපාරිකයකු විසින් බැණ තර්ජනය කර පහර දුන් බව කියන සිද්ධියකට විරෝධය පල කරමින් එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් අද (13) දහවල් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවුහ.
විශේෂයෙන්ම මාතර මහ නගර සභාව සතු ඉඩමක් අදාල ව්‍යාපාරිකයා විසින් අත්පත් කර ගෙන ඇති බවද ඒ ගැන නගර සභාව තුළ නිතර හඩ නගන මන්ත්‍රීවරියකට මෙම පහරදීම සිදු කර තිබෙන බවද ඔවුන් පැවසීය.
කෙසේ වෙතත් පහර කෑමට ලක්වු බව කියන නාගරික මන්ත්‍රීනී ධනංජනී උක්වත්ත ලියනගේ මහත්මිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.
ඊට සම්බන්ධ ආදාල ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මන්ත්‍රීවරු පිරිස ඉල්ලා සිටියේය.
රෝහල් ගතව සිටින නාගරික මන්ත්‍රීනී ධනංජනී උක්වත්ත මහත්මිය මෙසේ කීවාය.
“මාතර මහ නගර සභාවට අයත් ෆීනෑන්ස් ඉඩමක් අදාල ව්‍යාපාරිකයා සූක්ෂම ලෙස ඔහු නමට පවරා ගෙන අයිති කර ගෙන තිබෙනවා.මම අවස්ථා ගණනාවකදී මෙය හෙලිදරව් කලා.ඒ ගැන තරහින් සිටි ව්‍යාපාරිකයා ඔහුගේ බිරිද සමග ත්‍රීරෝද රථයකින් පැමිණ පසුගියදා මා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට කැන්වසින් යන විට පාර මැදදී බැණ තර්ජනය කර පහර දුන්නා.නීතියෙන් සාධාරණයක් මා බලාපොරොත්තු වෙනවා.”
මේ පිළිබඳව චෝදනාවට ලක්වු ව්‍යාපාරිකයා වන පියසිරි ගාල්ලගේ මහතාගෙන් විමසූ විට මෙසේ කීය.
“අදාල මන්ත්‍රීවරිය මා රජයේ දේපල අල්ලගෙන ඉන්න හොරෙකු යයි කියමින් ගම පුරා ප්‍රචාරයකරනවා.මම නීත්‍යානුකූලව තමයි ඉඩම මිලදී ගෙන තිබෙන්නේ.ඒත් අදාල මන්ත්‍රීවරිය මට අපහාස කරනවා.මටත් ආත්ම ගරුත්වයක් තිබෙනවා.ඔය අතරතුරදී ඇය අපේ ගෙදරට කැන්වසින් ආවා.මගේ බිරිද ඇයට ගෙදරට එන්න එපා කියා තල්ලු කලා. ඒ සිද්ධියට මේබොරු පැමිණිල්ල දමා තිබෙනවා.”
මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර ව්‍යාපාරිකයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක ධම්මික අමරසේන මහතාට නියෝග කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මාතර නගර සබේ නාගරික මන්ත්‍රීවරු උද්ඝෝෂණයක