මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ක්‍රියා කලාපය ගැන කනගාටු වන බවත් මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමට ජනපතිගේ සහාය ඇත්දැයි සැකයක් පවතින බවත් ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ජීවිත කැපකිරීමෙන් මෛත්‍රිපාල සිරිසේන ජනපති කිරීමට හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා බලය බිඳ දැමීමට කළ කැප කිරීම අපතේ යාමක් වේදෝයි සැකයක් පවතින බව කණගාටුවෙන් ප්‍රකාශ කරන බවද මහ ඇමැතිවරයා එහිදී කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අම්මෝ ! මහින්දට පුදුම බයක්නේ තියෙන්නේ! හරියට පහුගිය දවස් ටිකේ වැඩ කෙරුවා නම් කිසිම බයක් වෙන්ට දෙයක් නැහැනේ. (හේ)
දැන් හරිනේ! (නි)
කුරුල්ලන්ට බය ඇයි අනේ (නදී)
ඇති අති කරුණාකර යන්න (නදී)
පම්පෝරි කාරයෝ.මේවා ලකුණු දා ගන්න කරන වැඩ (බ)
හිටිය ඇති රනිල් මාමත් එක්ක ගෙදරයන්න (බ)
මෙතුමා මහින්ද මෛත්‍රී සමගි වෙලා එකතු වුණොත් දේශපාලනයෙන් සමුගන්නවා කිව්වා .කිව්වා වගේම කරන්න නැත්නම් අසත් සාලි වගේ පස්සේ වෙනස් කරන්න එපා (ම)
දැන් ඔබතුමා දේශපාලනෙන් සමු ගැනීමේ දිනය වැඩි කල් නැහැ කියල තේරෙනවද? දැන් හරි නේද ? (ම)
දිට්ට ධම්ම වේදනීය කර්ම (ම)
දැන් ඔබතුමා එහෙම එකතු වුනොත් දේශපාලනෙන් සමුගන්නවා කිව්වා නේද?(හේ)
කණගාටු වි පලක් නෑ.(හේ)
දැන් මෙතන හැලෙන ඡන්ද අහුලන්න හදනවා ?(හේ)
කනගාටුවෙන්න එපා ඔබතුමා, සිරිසේන මහත්තයා ඒවගේ වැඩක් කලොත් , ජනමතයට විරුද්ධව ද්‍රෝහිකමක් කළොත් , එතුමාට ඒවාට ගෙවන්න වෙන්නේ පොලියත් එක්කම තමයි. (හේ)
කෑ ගහලා වැඩක් වෙන්නේ නෑ දැන්.(හේ)
කනගාටු වෙන්න කිසිම දෙයක් වෙන්නේ නෑ.(හේ)
ඔබ තුමා හිතන දේ හරි, මහින්ද මෛත්‍රී එකමුතුව අනිවාර්යයි. (ම)
දැන් ඉතින් ඔබතුමා කිව්වා වගේ දේශපාලනයෙන් සමුගන්නවද. (නදී)
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමායි ඒ කල්ලියයි නැවත ගෙනාවොත් එතුමාටත් ඔය ජනාධිපති පුටුවේ වැඩිකල් ඉන්න ඒගොල්ලෝ ඉඩ තියන්නේ නැහැ. එතුමාගේ ජීවිතයට පවා තර්ජනයක් (නදී)
මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයකට සහාය නොදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්පාක්ෂිකව සිටිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ අවධාරණය කළහ. ජනාධිපතිවරයා ඉදිරියටත් පොදු බව ආරක්ෂා කරගතහොත් ප්‍රතිපත්තිමය ජයග්‍රහණයකින් යුතුව රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව ලැබෙන බව උන්වහන්සේ සඳහන් කළහ. මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්පාක්ෂිකභාවයෙන් ඉවතට ගොස් ඇතැයි කී සෝභිත හිමියෝ, එම වැරැද්ද නිවැරදි කරගෙන ජනාධිපතිවරයා ඉදිරි කටයුතු සිදුකළ යුතුයැයි ප්‍රකාශ කළහ.(නදී)
දින 100 මහ බැංකුවේ හොරා කාපු එක ගැන කණගාටු නැද්ද? ර(නදී)
මහින්ද මහත්මයා එනවට මෙයාකාර බය ? දින සියය අනුන්ගේ කුනු සෙව්වට රටට නම් වැඩක් වැඩක් වුනේ නැහැ. (නදී)
පිනට ලැබුණ දින සියය ආණ්ඩුවට මදිද මල්ලී (ම)
හිත හදාගන්න උත්සහ කරන්න, (ම)
කට්ටිය දැන් බය වෙලා හොදටම? (ම)
දින 100 පොරොන්දු ඉෂ්ට කරන්නේ නැතුව ඉක්මණට ඡන්දෙකට ගිහින් ඔබතුමන්ලාට ඉල්ලගෙන කන්න වෙයිද කියලා බයද?. (ම)
ඔබ හරි, ජනතාවටත් එහෙම සැකයක් තියෙනවා. (ම)
හරීන් දැන් හරි ද? ඔයාමනේ දැන් හරි කීවේ. (ම)
20 ට විරුද්ධ වෙලා දැන් කතා කියනවා. (ම)
පැරදුන මහින්ද ඡන්දෙට ඉදිරිපත් වුණොත් එජාප ඡන්ද පදනම තවත් ශක්තිමත් වෙනවා කියලා සමහර එජාප නායකයන් කියද්දී, ඇයි මේ මහඇමතිතුමා භයවෙලා වගේ. (ම)
ඒවා අවශ්‍ය වෙලාවට සිද්ධ වේවි, ඔබතුමා කියවන්නේ නැතුව ඉන්න (ම)