(නයනජීව බණ්ඩාර)
මඩකලපුව එරාවුර් පුන්නකුඩා මාර්ගයේ ඇති, මෙවර මහමැතිවරණය සඳහා ස්වාධීන පක්ෂයකින් තරග වදින අපේක්ෂකයකුට අයත් ලී මෝලකදි තේක්ක දැව තොගයක්, කැබ් රථයක් සමග සැකකරුවන් 7දෙනෙකු අද(07) අලුයම අත්අඩංගුවට ගත් බව මඩකලපුව වන නිලධාරිහු පැවසූහ.
අත්අඩංගුවට පත් සැකකරුවන් එරාවුර් හා පුන්නකුඩා යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 35ත් අතර පසුවන පිරිසකි.
වන නිලධාරින් මෙම වැටලීම කරන මොහොතේ මෙම දැවමඩුවේ හිමිකරු වන, මෙවර මහමැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමකින් තරගවදින අපේක්ෂකයා නොසිට ඇති අතර, ඔහු මෙම දැවමඩුව එරාවුර් ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් බදු පදනම මත රැගෙන කරවන කෙනෙකු බව අනාවරණය වී තිබේ.
මඩකලපුව දිසාවන නිලධාරි ප්‍රනීත් සුරවීර මහතාට ලැබුනු තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබේ.
වැටලීම සිදුකරන විට සැකකරුවන් ලී මෝලට කැබ්රථයක දැව රැගෙනවිත් ඒවා ඉරමින් සිටිබවත්, එම නීතිවිරෝධී දැවවලින් කොටසක් ඒවා රැගෙන එන ලද කැබ් රථයේ තිබු බවත් වන නිලධාරීහු කීහ.
සැකකරුවන් අද(07) එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරිමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මැතිවරණ අපේක්ෂකයෙකුට අයත් ලී මෝලකින් තේක්ක දැව සමඟ 7ක් අත්අඩංගුවට