(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම නානට්ටාන් ප්‍රදේශයේ පුරණ්ඩිවේලි ග්‍රාමයේ ගොවීන් පිරිසකට වෙල්යායක තිබී පැරණි ජනාවාසයක භාවිත කරන ලද පිහි සහ කැති බවට සැකකෙරන ආයුධ කිහිපයක් හමු වී ඇති බව මන්නාරම පුරාවිද්‍යා කලාප භාර නිලධාරී එම්. චමින්ද සිල්වා මහතා පෙන්වා දෙයි.
පුරණ්ඩිවේලි ප්‍රදේශයේ පුරන් වූ වෙල්යායක් අස්වැද්දීම සඳහා එළිපෙහෙළි කරමින් සිටි ගොවීන් පිරිසක්ට මෙම පැරණි ආයුධ හමු වී ඇති අතර, ඒවා නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දී තිබුණි.
ඒ පිළිබඳව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කළ පරීක්ෂාවකදී දැනට එළඹී ඇති නිගමනයකට අනුව ගොවීන්ට හමු වී ඇත්තේ පැරණි කැත්තක්, පිහියක් සහ යබර කෑල්ලක් (යකඩ රත් කල පසු ඉතුරුවන දෑ) බවටය. නමුත් කැත්ත සහ පිහිය දැඩි ලෙසින් මළ අල්ලා විනාශ වෙමින් පැවතීම හේතුවෙන් නිශ්චිත කාලයක් පැවසිය නොහැකි බවද, යුගයක් හෝ වටිනාකමක් පැවසිය නොහැකි බවද ඔවුහු කීහ.
ආයුධ තොගය හමු වූ ස්ථානයට පැමිණ කළ පරීක්ෂණවලදී අදාළ ස්ථානයේ පැරණි ජනාවාස පිහිටි බවට යම් යම් සාධක පවතින බවට සැකයක් පවතින බැවින් එම ස්ථානයේ වැඩිදුර පරීක්ෂණයක් කිරීමට නියමිත බව ඔවුහු පැවසූහ.
පසුගිය සැප්තැම්බර් 20 වැනිදා මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ වැසියෙකුට නිවසක් පිළිසකර කිරීමේදී පාණ්ඩියන් රජසමයට අයත් බවට සැලකෙන කාසි 1850 ක් පමණ කාසි මුට්ටියක් ද පොළව යට තිබී හමු විය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මන්නාරමේ වෙල්යායකින් ඉපැරණි පිහි කැති සොයාගනී