(කේෂර ගුණතිලක)
වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ කුඩාවැව් 15ක් ප්‍රතිසංස්කරණයට පියවර ගෙන ඇතැයි මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කුමාරසිරි රත්නායක මහතා පැවසීය.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ අරමුණෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන කුඩා වැව් 1000ක් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අධියර යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ තෝරාගත් කුඩා වැව් මෙලෙස ප්‍රතිසංස්කරණය කෙරේ.
ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව් සහ වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ මෙම වැව් ප්‍රතිසංස්කරණය කරන අතර යල මහ දෙකන්නයේම කුඹුරු අස්වැද්දීමට ජලය සැපයීමට නියමිතය.
මෙම වැඩපිළිවෙල යටතේ තලකොලවැව,පරලුවැව ,ගලපිටආර,කොළඹවාඩිය,හරිගල්පොත්ත,පලුකපිටිය,ඉඳුරුගස් වැව, වැව,කරුවලකන්ද,දඹේආර,ගිගිරිඇල්ල,සියඹලාගස් යාය,නුගගොල්ල,මහපැලැස්ස,හික්කඩුව,අලවත්තකුඹුර යන වැව් ප්‍රතිසංස්කරණය කරන අතර කුඹුරු අක්කර 1302 කට පමණ දෙකන්නයේ දියවර සැපයීමට නියමිතය.
මෙමඟින් ගොවි පවුල් 1384 කට සෙත සැලසේ.
මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව් සහ වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.පී ජගත් පුෂ්පකුමාර,වෛද්‍ය ගයාශාන් නවනන්ද මොනරගල දිසාපති ගුණදාස සමරසිංහ යන මහත්වරුන් සහභාගී වූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මොනරාගල දිස්ත්‍රික්කයේ කුඩා වැව් 15 ක් ප්‍රතිසංස්කරණයට