(කාංචන කුමාර ආරියදාස)
මාස දෙකකට ඉහතදී දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයකු අද(03) සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්තරන් නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වන සුනිල් අබේරත්න නැමැති ලෙනදොර ප්‍රදේශයේ ම පදිංචි තිදරු පියකු බව පොලිසිය කියයි.
පසුගිය වෙසක් මස විසි එක් වන දින මුගුරකින් පහරදී පුද්ගලයෙකු මියගොස් තිබූ අතර එම ඝාතනය කළේ කවුරුන් ද යන්න අනාවරණය කර ගැනීමට නොහැකිව තිබිණි. එසේ මියගොස් තිබුණේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයාගේ සහෝදරයෙකු වූ අජිත් අබේරත්න නැමැති අයෙකු බව පොලිසිය පැවසීය
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්. පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාමේන්ද්‍ර ලක්ෂමණ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස මාස දෙකක පමණ කාලයක් මෙම ඝාතනය පිළිබඳව සැක හිතෙන ස්ථාන සොයා සිවිල් ඇඳුමෙන් සැරසී විවිධ කරුණු කාරණා ඔස්සේ පරීක්ෂණ පවත්වමින් සිට තිබේ. ඒ අනුව ඉතා සූක්ෂම ලෙස අනාවරණය කරගත් කරුණු රැසක් පදනම් කරගෙන ඒ වනවිටත් නිවසේ කිසිදු සැකයකින් තොරව ජීවත් වූ මියගිය අයගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් සහෝදරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ සියලූ තොරතුරු හෙළ කර ගැනීමට හැකි වූ බව මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. එදිරිසිංහ මහතා පැවසීය.
මියගිය පුද්ගලයා විරුද්ධව දිවයිනේ පොලිස් ස්ථාන කීපයකම පැමිණිලි රැසක් ලැබී තිබෙන අයෙකු බවත් එයින් වැඩි හරියක් ලැබී ඇත්තේ වයසක කාන්තාවන් සහ බාලවයස්කාර දැරියන් හට ලිංගික අපරාධ කිරීම සම්බන්ධයෙන් බව පොලිසිය කියයි. එමෙන්ම ප්‍රදේශ කිහිපයක ම ගවගාවල බැඳ සිටින එළදෙනුන් සඳහාද ලිංගික හිංසා කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
පසුගිය මැයි මස විසි එක් වන දින මෙම අයියා සහ මල්ලී එකට මත්පැන් පානය කොට ඇති වූ අඩදබර දුරදිග ගොස් පොල්ලකින් පහර දී තම සහෝදරයා ඝාතනය කළ බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ.
පොලිස් අධිකාරි ගාමිණී මීගහකුඹුර මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එ. පී. එදිරිසිංහ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමේන්ද්‍ර ලක්ෂමණ මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති. සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මනුෂ්‍ය ඝාතනයකට අයෙක් අත්අඩංගුවට