(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් බලප්‍රදේශයේ නාවල්කාඩු ප්‍රදේශයේ අතහැරදමා තිබූ ඉඩමක තිබී සොයාගත් මිනිස් ඇටසැකිලි තිබූ ස්ථානයේ වැඩිදුර කැනීම් සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එන්.සුදර්සන් මහතා විසින් නියෝග කරනු ලැබීය.
මේ අනුව ඊයේ සහ අද (01) දිනයන්හි නාවල්කාඩු ප්‍රදේශයේ පිහිටි අදාල ඉඩමේ තිබූ ළිඳක් තුල කැනීම් සිදු කර තවත් මිනිස් ඇටසැකිලි බවට සැකකෙරෙන ඇටසැකිලි තොගයක් මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා පොලීසීයේද සහයෙන් මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී ගොඩගනු ලැබීය.
මේ අනුව සොයාගත් සෙසු මිනිස් සිරුරු ඇටසැකිලි කොටස්ද වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් අධිකරණ වෛද්‍යවරයා වෙතට යොමු කිරීමට මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට සිටියේය.
අදාල ස්ථානයේ පසුගිය 30 වනදා ගවයින් රැගෙන ගිය කාන්තාවකට මිනිස් හිස්කබලක් තිබී ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව මිනිස් හිස්කබලක හා ඇටසැකිලි තොගයක් පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
මළසිරු අදාල ස්ථානයේ තිබීම හා එය මිනිස් ඝාතනයක්ද එසේත් නැතිනම් සියදිවි හානිකරගැනීමක්ද යන්න පිළිබඳව මේ වන විටත් පරික්ෂණයක් අරඹා ඇති බවටද මුල්ලියාවලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මිනිස් ඇටසැකිළි හමුවූ ස්ථානයේ අධිකරණ නියෝගයෙන් කැනීම් අරඹයි