(කුෂාන් ජයවර්ධන)
සැකකටයුතු ලෙස මියගිය වල් අලියෙකුගේ මළ සිරුරක් ගල්කිරියාගම කෝරලයාගම ප්‍රදේශයේ වගා බිමක තිබියදී ගල්කිරියාගම වන සත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් අද (09) සොයා ගනු ලැබීය.
වන සත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී මෙම වල් අලියාගේ සිරුර සොයා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිව තිබිණ.
දඹුලුහල්මිල්ල වැව සිට නාරංගස් වැව දක්වා ඉදිකර ඇති කෝරලයාගම විදුලි වැටට යාබදව ඇති වගා බිමක තිබී මෙම වන අලි සිරුර සොයාගෙන තිබේ.
මියගොස් ඇති වල් අලියා වයස අවුරුදු 40 ක් පමණ වන උස අඩි 10ක් පමණ වන හොඳින් වැඩුනු පිරිමි සතෙක් වන අතර සිරුරේ තත්ත්වය අනුව මින් දින දෙකකට පමණ ඉහතදී එම අලියා මිය යන්නට ඇතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති.
එම අලියාගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් සොයාගෙන නොමැති බවත්, එම අලියාගේ සිරුර සම්බන්ධයෙන් වනජීවි පශු වෛද්‍යවරයෙකු මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවත්, ගල්කිරියාගම වන සත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරියකු පැවැසීය.
වන අලියාගේ මරණය ඝාතනයක් ද යන්න සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ගල්කිරියාගම වන සත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් හා ගල්කිරියාගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අලියාගේ සිරුර තිබූ වගා බිමේ හිමිකරුගෙන්ද මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගැනීමට විමර්ශන නිලධාරීන් මේ වනවිට පියවර ගෙන තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මියගිය වල් අලියෙකුගේ සිරුරක් වගා බිමකින් හමුවෙයි