( සුදත් එච්. එම්. හේවා )
කොටගල දිසා රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට එල්ල වී ඇති මැර තර්ජනවලට විරෝධය දක්වමින් වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය අද(18) වැඩ වර්ජනයක් ආරම්භකර තිබේ.
පසුගිය 16 වැනිදා දින රාත්‍රියේ කොටගල ප්‍රදේශයේ ප්‍රාදේශිය දේශපාලනඥයකු සමඟ පැමිණි දෙසියක පමණ පිරිසක් විසින් එම රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට මැර තර්ජන එල්ල කර එම රෝහලේ විදුරුවක්ද කඩා දමා ඇතැයි පොලීසිය පවසයි.
බීමත්ව ඇද වැටුණ තරුණයකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ පසු හදිසි ප්‍රතිකාර කර වැඩි දුර ප්‍රතිකාර සඳහා දික්ඔය රෝහලට රෝගියා මාරුකර යැවිමේදි රෝහලේ ගිලන් රථයේ රියදුරු නොසිටි බැවින් එම රෝගියාගේ ඥතින් එම රෝගියා ඔවුන්ගේ වාහනයකින් රැගෙන යාමට ඉල්ලා ඇත.
රෝගියා එසේ රැගෙන යාමට අවශ්‍ය කටයුතු සලසා දීමෙන් පසු එම රෝගියා රැගෙන ගිය බවත් පසුව මෙම ප්‍රාදේශිය දේශපාලකයා 200 පමණ පිරිසක් සමග පැමිණ මෙසේ මැර තර්ජන එල්ල කරමින් රෝහලේ විදුරුවක්ද කඩා දැමු රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.
මේ පිළිබඳව පතන දිඹුල පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර එයට විරෝධය දක්වමින් රාජකාරී වලින් ඉවත්ව වෛද්‍යවරු ඇතුළු සියළු කාර්ය මණෟඩලය සිය රාජකාරීවලින් බැහැරව ඇත.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර කිරිම අත් හිටුවා ඇති බවත් වැඩ වර්ජනය පැවතියද නේවාසික රෝගින්ට නිසි පරිදි ප්‍රතිකාර කරන බවද ඔවුහු පවසති.
දිඹුල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැර තර්ජනවලට විරෝධය දක්වා කොටගල රෝහලේ වර්ජනයක්