(මහේෂ් කිර්තිරත්න)
පාරේ ගමන් ගන්නා කාන්තාවන්ගේ ඇසට මිරිස් කුඩු සහ වැලි ගසා ලක්ෂ ගණනින් වටිනා කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කොල්ල කන අඹුසැමි යුවලේ පිරිමි පුද්ගලයා මාතලේ, ගලේවෙල, පත්කොලගොල්ලේදි අද (09) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කියයි.
මාතලේ අකුරම්බොඩ ප්‍රදේශයේදි මාර්ගයේ ගමන් ගත් කාන්තවකට මිරිස් කුඩු ගසා ගෙල බැදි රන් මාලය කොල්ල කා ඇති අතර මොවුන් දෙදෙනා මෝටර්සයිකලයකින් ගමන් ගනිිමින් මාර්ගයේ මුණගැසෙන කාන්තාවන්ගෙන් ලිපිනයන් විමසන අයුරින් හැසිරි මෙසේ රන් මාල කොල්ල කන බව මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වු බවද පොලිසිය කියයි.
මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශනයට ලැබුණු තොරතුරු අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගැනිම සදහා පරික්ෂණ සිදු කළ අතර සැකකරු අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව සිදු කරන ලද ප්‍රශ්න කිරිම්වලදි කොල්ලකන ලද රුපියල් ලක්ෂයක් වටිනා රන් මාලය දඹූල්ල ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබියදි සොයා ගත් බවද පොලිසිය කියයි.
සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිමේදි අනාවරණය වු කරුණු අනුව කුරුණැගල පන්සියගම ප්‍රද්ශයේදි කාන්තාවකට ඇස්වලට වැලි ගසා කොල්ල කන ලද රුපියල් පනස්දහසක් වටිනා රන්මාලයක් ද කුරුණැගල නගරයේ උකස් මධ්‍යස්ථානයක උකස් කර තිබියදි සොයා ගත් බවද පොලිසිය කියයි.
මෙම යුවලට එක් දරුවෙකුද සිටින අතර දෙදෙනා විසින් මෙම රන්මාල කොල්ලකැමේ නිරතව ඇති අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගැනිමෙන් පසු බිරිය පොලිසිය මගහරිමින් සිටින බවද පොලිසිය කියයි.
සැකකාර යුවළ ගලේවෙල පත්කොලගොල්ලේ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.
සැකකරු 10 දා නාඋල මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කර හදුනාගැනිමේ පෙරට්ටුවකටද යොමු කරන බවත් කුරුණැගල ප්‍රදේශයේ කොල්ලකැමට අදාළ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාල කඩන්නෙක් අත්අඩංගුවට
Perera Tuesday, 09 March 2021 05:31 PM
ඇමතිකෙනෙක් වෙන්න සුදුසුකම් තියෙනවා.
wedage Wednesday, 10 March 2021 04:09 AM
මිරිස් කුඩු සෙල්ලම පාර්ලිමේන්තුවෙන් ඉගෙනගෙන කරන කෙනෙක් වගේ.