(බණ්ඩාර ජයරත්න සහ ප‍්‍රදීප් කුමාර ධර්මරත්න)
මාවනැල්ල ප‍්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක ගබඩා දෙකක් වටලා මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ ලක්ෂ තුනකට අධික ප‍්‍රමාණයක් සහ එහි කළමනාකරුවන් දෙදෙනෙකු අද (03) මාවනැල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල ගබඩාදෙක මුද්‍රාතැබීමට පොලිසිය පියවරගෙන ඇත.
මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස්පරික්ෂක අසේල කේ හේරත් මහතාට ලද තොරතුරක් මත කල මෙම වැටලීම සඳහා කෑගල්ල කෑගල්ල පොලිස් අධිකාරි ලක්දාස අබේඅරත්න මහතා සහ කෑගල්ල කොට්ඨාෂ අපරාධ අංශයේ නිලධාරීහු ද සහභාගිවූහ.
කාලක් තිස්සේ මහාපරිමාණයෙන් පවත්වාගෙන ගියැයි කින මෙම කසළ තේ කර්මාන්ත ශාලාවෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට තේ බෙදාහැර ඇතැයිද අනාවරණය වී ඇත.
පොලිස් නිලධාරින් විසින් කර්මාන්තශාලාවේ එක් ගබඩාවක් පරීක්ෂා කිරීමේදි එම ගබඩාවේ ගබඩාකොට තිබු මිනිස් පරිභෝජනයට නුසුදු කසළ තේ කිලෝ ලක්ෂයකට අධික ප‍්‍රමාණයක්ද අනික් ගබඩාවේ තිබි ලක්ෂ දෙකකට අධික කසළ තේ ප‍්‍රමාණයක්ද සොයාගැනීමට හැකිව තිබේ.
මෙම කසල තේ කවරවල බහා ගොඩවල් වශයෙන් ගබඩාශාලාවේ ස්ථාන කිහිපයක අසුරා තිබු අතර ප‍්‍රවාහනය කිරීම සඳහා තවත් ස්ථානයක විශාල ප‍්‍රමාණයක් අසුරා තිබුනි.
මෙම කසල තේ ජාවාරම පිළිබඳ එහි කළමනාකරුවන් දෙදෙනෙකුගෙන් ප‍්‍රශ්නකොට ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු, ලංකා තේ මණ්ඩලයේ නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේද සහායෙන් අත්අඩංගුවට ගනුලැබු කසල තේ කුඩුතොගයෙන් සාම්පල ලබාගැනිණි.
කර්මාන්ත ශාලාවේ කළමනාකරුවන් දෙදෙනෙකු ද සැක පිට අත්අඩංගුවටගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාවනැල්ලේ තේ කම්හලක කසළ තේ කිලෝ ලක්ෂ 3 ක්