සමන් විජය බංඩාර
මාවනැල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂයටත් උප සභාපති ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානටයත් අද හිමි විය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් චන්දන කුමාර මහතාගේද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කේ.ජී. පියතිස්ස මහතාගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් එම්.එස්. මොහම්මත් කාමෙල් මහතාගේ ද නම් සභාපති ධුරය සඳහා යෝජනා විය. ඒ අනුව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වණි.
ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිතා කිරිමෙන් වැළකී සිටියේය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන චන්දන කුමාර මහතා ඡන්ද 21 ක් ලබා ගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් එම්.එස්. මොහම්මත් කාමෙල් මහතා ජන්ද දෙකක් ලබා ගත්තේය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කේ.ජී. පියතිස්ස මහතා ජන්ද 16 ක් ලබා ගත්තේය. ඒ අනුව ජන්ද 21 ලබා ගත් එක්සත් ජාතික පක්ෂයේ චන්දන අනුර කුමාර මහතාට මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හිමි විය.
ඉන් අනතුරුව පවත්වනු ලැබුයේ උප සභාපතිධූරය සඳහා කෙනෙකු පත් කර ගැනිමයි. එහිදි එක්සත් ජනතා නිදහස් සන්ධායෙන් සභාපතිවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා විය. ඒ එම්. ආර්. මුහම්මදු අසාම් මහතා සහ චන්දසිරි බණ්ඩාර මහතායි. ඒ අනුව විවෘත ඡන්දයක් පවත්වා එම ධූරය වෙනුවෙන් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා තෝරා ගත්තේය. මෙහිදි චන්දසිරි මහතා ඡන්ද 21 ලබා ගත් අතර එම්. ආර්. මුහම්මදු අසාම් මහතා ලබා ගත්තේ ජන්ද 18 ක් පමණී.
මෙම ඡන්ද විමසීම සමකාමීව පැවැතියත් සභාවෙන් පිටත පැමිණි මන්ත්‍රීවරුන් පිළිගැනීමට පැමිණී සිටි පක්ෂීක පිරිස් අතර උණූසුම් වචන හුවමාරුකම් සිදුවූයෙන් එය පාලනය කිරීමට පොලිසියට සිදු විය.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ එජාපය ලැබුණු එකම පළාත් පාලන ආයතනය මාවනැල්ල ප්‍රාදේශීය සභාවයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාවනැල්ලේ සභාපති එජාපෙන් - උප සභාපති සන්ධානයෙන්