හිටපු ජනාධිපති කිසිඳු විද්‍යාත්මක පසුබිමකින් තොරව රැකියා නිර්මාණය කිරීමේ හා විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ණය ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට රජය දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි අමාත්‍ය දයා ගමගේ මහතා කතරගම දී පැවසීය. එවැනි පසුබිමක් තුළ වුවද, දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශවලට අවශ්‍ය රජයේ සේවක අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පසුගිය ආණ්ඩුව කටයුතු කර නැති බව ද ඔහු කීවේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා, තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් රුපියල් බිලියන දාහකට වඩා ණය කරලා. මේ සමහර ණය, ණය පොත් වලට එකතු කරලාත් නෑ. මේ වැරදි ඔක්කෝටම අද කරගහන්න වෙලා තියෙන්නේ සම්මුතිවාදි ආණ්ඩුවටයි. ඒත් ජනාධිපති අගමැති සැලසුම් කර තියන විදිහට අපි රැතියා දසලක්ෂයක් හදනවා. ඒ විතරක් නෙවෙයි අපනයන ආදායම වැඩි කරන්නත් අපි කටයුතු කරනවා. එදා සියයට 36 ක් වූ අපනයන ආදායම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අපිට භාර දෙනකොට සියයට 14 දක්වා අඩු වී තිබුණා. අද අපි, ඒ ප්‍රමාණය සියයට 4 සිට දෙකුණයකට වඩා වැඩි කරන්න කටයුතු කරන්න සැලසුම් කර තියනවා. මේ හැම දේකින්ම අපි සැලසුම් කර තියෙන්නේ, ණය උගුලෙන් රට බේරාගෙන රට සංවර්ධනය කර සංවර්ධිත රටත් ලෙස ලෝකයට හඳුන්වා දෙන්න"




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය පමණක් නොව ,රටම විනාශ කළා එම අඳුරු පාලනයෙන් රට මුදාගත් ඔබ ඇතුලු නව රජයට,අපේ සුබ පැතුම්, නැවත පැරිස් එන්නේ කවදද, (බ)
ඔබ කොහොමද ඔහොම කතා කරන්නේ? (නි)
රට ජාතිය ආගම ගැන කිසිම හැගිමක් නැති පිට රට ගැති කඵ සුද්දෝ කරන ඔවැනි මූසිලයන් අප අතර තවම ඉන්නවා ඔවුන් එලවා දැමිය යුතුයි (හේ)
උපදින දරුවන් පවා ලෝකයට ණයකරුවන් කර ජනතාවට කන්නදුන් නායකයා වැනි නායකයෙක් තමයි ජනතාව ඉල්ලන්නේ. (නි)