තිලකරත්න දිසානායක
 
වේයන්ගොඩ පිහිටි ආරාමයකට ඊයේ(22) රාත්‍රියේදී බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැඩවිසූ 52 හැවිරිදි මෙහෙනියකට අතවර කළ යුද හමුදාවේ හිටපු ආබාධිත පුද්ගලයෙකු වේයන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
‍
අත්අඩංගුවට ගත් පුද්ගලයා 28 හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි. 
 
මෙම අතවරයට මුහුණපෑ මෙහෙනිය ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.
 
වේයන්ගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.