(ඉන්දික අරුණ කුමාර)
මහනුවර - කොළඹ දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී හමුවන මීයන් ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයින් හේතුවෙන් බිම්ගෙයි ඇති වැහිලිහිණි කූඩුවලට හානි සිදුවෙමින් පවතින බව දේශීය වනාන්තර සුරැකිමේ සංගමය කියයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සංගමයේ සභාපති අතීක් නසීර් මහතා මේ බව සදහන් කර තිබේ. පහ - ඒ නැමැති මෙම දුම්රිය උමං මගේ වැහිලිහිණි කූඩු වැඩි වශයෙන් පිහිටා ඇත.
බ්‍රිතාන්‍ය සමයේ දී ඉදිකර ඇති මෙම දුම්රිය උමං මඟ හරහා මියන් ඇල්ල නැරඹීමට පැමිණෙන ඇතැම් පුද්ගලයින් උමං මගේ පිහිටි වැහිලිහිණි කූඩු වලට හානිකර ඇති බව දේශීය වනාන්තර සුරැකීමේ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.
ඇතැම් සංචාරකයින් විසින් විදුලි පහන් වැහිලිහිණි කුඩූ වලට එල්ල කරමින් වැහිලිහිණින්ට හිරිහැර කරන බවත් එය අවාසනාවන්ත තත්ත්වයක් බවත් සභාපති අතීක් නසිර් සිය ලිපිය මගින් පෙන්වා දෙයි.
වනසත්ත්ව හා රැක්ෂලතා ආරක්ෂණ පනත ප්‍රකාර වැහිලිහිණියා මෙරට ආරක්ෂක පක්ෂි විශේෂයක් බවත් එම සතුන්ට සිදුවන විවිධ හිරිහැර සම්බන්ධයෙන් බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවත් දේශීය වනාන්තර සුරැකීමේ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහනුවර දුම්රිය මඟේ පිහිටි වැහිලිහිණි කූඩුවලට සංචාරකයින්ගෙන් හානි
Akila Wednesday, 02 September 2020 05:50 AM
ලංකාවේ කට්ටිය ඉතින් යන තැනක් ඔහොම තමයි.