(ඩී.ජී.සුගතපාල)
දකුණු පළාතේ විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද එකම වර්ගයේ යතුරු පැදි 27ක් සමග අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුලු සැකකරුවන් හතර දෙනෙකු ලබන මස 8වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(25) නියෝග කලේය.
යතුරු පැදි සොරකම් කිරිම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුද එම සොරබඩු ලඟ තබා ගැනිම හා සොර බඩු බැහැර කිරිම සම්බන්ධයෙන් අනෙක් සැකකරුවන් තිදෙනාද ඇතුලු සැකකරුවන් සිව් දෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.
සැකකරුවන් සියල්ලෝම ගිංතොට පදිංචිකරුවෝ වෙති.
ප්‍රධාන සැකකරු ගාල්ල,මාතර,අම්බලන්ගොඩ,කරාපිටිය, හබරාදුව,අහංගම,රත්ගම ,හික්කඩුව ආදි ප්‍රදේශවලින් මෙසේ එකම වර්ගයකට අයත් සැහැල්ලු යතුරු පැදි පමණක් සොරකම් කර ඒවා රුපියල් දස දහසක් වැනි මුදලකට අලෙවි කර තිබේ.
අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තිදෙනාද වැඩි මිලට අලෙවි කිරිම සඳහා යතුරු පැදි තුන හතර බැගින් ගෙන ලඟ තබාගෙන සිට ඇත.
පොලිසිය පැවසුවේ සැකකරු තවත් යතුරු පැදි රැසක් සොරකම් කර ඇති බවය.තමන්ගේ සැහල්ලු යතරු පැදි නැතිවු අය සිටි නම් ගාල්ල පොලිසියට පැමිණ ඒවා හඳුනා ගන්නා ලෙසද පොලිසිය ඉල්ලා සිටි.
ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දිනේශ් නිශාන්ත මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යතුරු පැදි සොරකම් කළැයි 4 ක් රිමාන්ඩ්