(රෝවන් පෙරේරා)
සාලියවැව කලාඔයේ සිට කුඩාඔට්ටුපල්ලම දක්වා ඇති යෝධ ඇළ වසා දැමීමෙන් ලක්ෂ ගණනක් මාලු ඇළේ මියගොස් සිටින අයුරු දක්නට ලැබේ.
කිලෝ මීටර 13 ක් දිග මෙම ඇළ පිරිසිදු කිරීමට සහ එහි ජලජ ශාක ඉවත් කිරීමට මෙලෙස ඇළ වසා දමා තිබේ.
2020 සැප්තැම්බර් 28 වන දින වසා දැමූ මෙම ඇළට තවමත් ජලය මුදා හැරීමක් සිදුවී නොමැත.
සතියක පමණ කාලයක් ගතවීම තුළ ඇළේ ජලය සිඳී ගියද ඇළේ තැනින් තැන රැඳී ඇති වළවල්වල වීශාල වශයෙන් මසුන් එකරාශී වී මියගොස් සිටිති.
මෙලෙස මසුන් මිය ගොස් නරක් වීමෙන් ප්‍රදේශයේ දුඟදක් හමන බව ගම්වැසියෝ පවසති.
කලාඔය හරස් කරමින් ඉදිකර ඇති අමුණේ සිට කිලෝ මීටර 13 ක් දුරට සකසා ඇති යෝධ ඇළ කුඩා ඔට්ටුපල්ලම වැව දක්වා කුඹුරු සහා ගොඩ බෝග වගාවන් රැසක් පෝෂණය කරමින් කලා ඔයට ගලා බසී.
කුඹුරු අක්කර 3000 පමණ සහා ගොඩබෝග වගාවන් අක්කර 2000 පමණ සිදුකරන ගොවීන්ට වසරේ දින 365 ම නොකඩවා ජලය සපයන පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති එකම වාරිමාර්ග යෝජනා ක්‍රමයයි.
දින 07 ක් තුල ඇළ තුළ කිසිම සංවර්ධනයක් හෝ ඇළ සුද්ධ කිරීමත් සිදුවී නොමැති අතර නීළබැම්ම වෙහෙරබැඳිගල විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ ඇතුළු ගම්වැසියන් ඉල්ලා සිටින්නේ කෘෂිකර්මාන්ත කටයුතු වලට මෙන්ම එදිනෙදා අවශ්‍යතා සඳහා ජලය ලබා ගන්නා මෙම ඇළට ජලය මුදා හැර ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යෝධ ඇළ වැසීමෙන් මාලු මිය යයි
rasika Wednesday, 07 October 2020 06:52 AM
උගත් නිලධාරීන්ගේ මෝඩ වැඩක්.
sharm warn Monday, 12 October 2020 06:19 AM
විද්දේ හාවට වැදුනේ පඳුරට කියලා, කෘෂිකර්මෙට විදපු එක පරිසරයට වැදිලාද.?