(උපාලි ආනන්ද)
වාහල්කඩ යාන්ඔය ව්‍යාපෘතියෙන් වැලි ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව සම්බන්ධ කර ගන්නා ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මනෝජ් ප්රභාකරන් මහතා භූ විද්‍යා හා පතල් හා කැණීම් කාර්යංශයට අද (14) නියෝග කළේය.
වාහල්කඩ යාන්ඔය ව්‍යාපෘතියේ සිට පිට පළාත් වලට වැලි ප්‍රවාහනය කරන ලොරි රථ වලින් කප්පම් ලබාගත් බව කියන කප්පම්කරුවන් සතුව තිබූ බව කියන මුදල් බලහත්කාරයෙන් ලබා ගත් බවට හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව පැවැති පැමිණිල්ලක් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේ විනිසුරු ප්රභාරකන් මහතා මෙලෙස නියෝග කෙරිණි.
මීට පෙර මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ නිකවැරටිය කොටිඨාස බාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරි සේනක ජයසිංහ සහ හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රොෂාන් සංජීව යන මහත්වරුන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
වාහල්කඩ යාන්ඔය ව්‍යාපෘතියේ සිට පිට පළාත් වලට වැලි ප්‍රවාහනය කරන ලොරි රථ වලින් නීතිවිරෝධී ව මුදල් ලබා ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
එලෙස යම් සංවිධානයක් හෝ පුද්ගලයකු නීති විරෝධීව වැලි ලොරි රථ වලින් මුදල් ලබා ගන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා මෙම උසස් පොලිස් නිළධාරීන්ට තවදුරටත් නියෝග කරනු ලැබීය.
වැලි ලොරි රථ වලින් කප්පම්කරුවන් දිනකට රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් නීතිවිරෝධීව එකතු කරන බවත් මෙම නීති විරෝධී ක්‍රියාවන් ඉදිරියේ පොලිසිය නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම ප්‍රබල සැකයකට හේතුවක් වී ඇති බව මීට පෙර ජනාධිපති නීතිඥ කරුනාර්න හේරත් මහතා අධිකරණයට කීවේය.
පසුගිය කාලයේ මෙලෙස රුපියල් කෝටි ගණනක් මහජන මුදල් කප්පම්කරුවන් කොල්ලකා ඇති බවද එදින අධිකරණයට සැල කළ ජනාධිපති නීතිඥ හේරත් මහතා එම මුදල් නීති විරෝධීව එක්රැස් කළ පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි ලේඛන පවතින බවත් ඒ අනුව ඔවුන් පොලිසිය නෙපමාව අත්අඩංගුවට ගත යුතු බවත් අවධාරණය කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාන් ඔය වැලි ප්‍රවාහනයේ දී ප්‍රා.සභාව සම්බන්ධ කරගන්නැයි නියෝග