IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


රත්ගම ප්‍රා සභාව උණුසුම් වෙයි

(  එම් .සුසිල් ප්‍රියන්ත)

කොරෝනා ව්‍යසනයෙන් අවතැන්ව සිටි රත්ගම ජනතාවට, රත්ගම ප්‍රාදේශීය සභාව විසින් බෙදාදීමට මිලදීගත් සහල්වල මුදල් අනුමත කරවා ගැනීමේ යෝජනාව සභාපති ටි .නිමල් මහතා  අද (21 ) පැවති රත්ගම මාසික සභා රැස්වීමේදී ඉදිරිපත් කළ අවස්ථාවේදී එම අවස්ථාව ඉතා උණුසුම් විය.

මාසික සභා රැවීම සභාපති ටි .නිමල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21 ) රත්ගම  මොන්රියාවත්ත ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණ .

මේ මුදල් අනුමත කිරීමට සභාපති ටි .නිමල් මහතා ඉදිරිපත් කල අවස්ථාවේදී ඊට දැඩි විරෝධයක්  රත්ගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ෂයෙන් පැන නැගීමත් සමගම මාසික සභා රැස්වීම දැඩිසේ උණුසුම්වීමට පටන් ගත්තේය .

එහිදී උණුසුම් ලෙස අදහස් ඉදිරිපත් කල එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රි දුලාජ් තරංග  මහතා කතාකරමින් කියා සිටියේ මිලදීගත් සහල්වල මිල වැඩි බවත් ඒවා ගෙන ඇත්තේ ටෙන්ඩර් මණ්ඩලයට හොරෙන් බවත් එසේ මිලදීගත් සහල් සභාපතිතුමා නියෝජනය කරන පක්ෂයේ අයට පමණක් බෙදාදී ඇති බවත්‍ය.

එහිදී සභා රැස්වීම වඩාත් උණුසුම්වීමට හේතුවුයේ සභාපතිවරයා නියෝජනය කල පක්ෂයේම ප්‍රාදේශීය සභා මන්ත්‍රි ඉදුනිල් කෝරලගේ මහතා කල ප්‍රකාශයත් සමගමය . මම ටෙන්ඩර් මණඩලයේ සිටියත් මේ සහල් ගෙන ඇත්තේ මටවත් නොදන්වා යයි ඔහු කීවිට ඊට ඔහුට අලගුතබමින් ටෙන්ඩර මන්ඩලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුද සභාව දෙවනත් කරමින් කියා සිටියේ තමන්ලාද සභාවේ ටෙන්ඩර් මණඩලයේ සිටියත් සහල් මිලදී ගැනීමට තමන් දැනුම්වත් නොකල බවත්ය.

ඒ සමගම මෙවැනි ටෙන්ඩර් මන්ඩලයක සිටීමෙන් වැඩක් නැතයි කියමින් එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය මන්ත්‍රිනී කුසුමා අබේසේකර මහත්මිය එම ටෙන්ඩර් මණඩලයෙන් ඉල්ලා අස්වූවාය .

සහල් බෙදීම පිලිබදව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි උණුසුම් කතා බහ මධ්‍යයේ  සභාපති ටි .නිමල් මෙන්ඩිස් මහතා නියෝජන කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂයේම ප්‍රාදේශීය සභා මන්ත්‍රි යුරේෂ් ධම්මික මහතා කතා කරමින් කියා සිටියේ මේ සහල් බෙදීමෙන් අපි බිංදුවටම වැටුණු බවත් විපක්ෂයේ අයට සහල් බෙදාදී නැති බව පෙනෙන බවත් විරුද්ධ පක්සයේ අයට අපිට ගැසීමට ආයුධදී ඇත්තේ අපේම අය බවත් කීවේය .

 



අදහස් (0)

රත්ගම ප්‍රා සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 318 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1308 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 467 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 448 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 338 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 797 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2213 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site