සම්බුද්ධ තෙමඟුල සිහිකරමින් වෙසක් පොහොය දිනයේ කෑගල්ල රඹුක්කන ධර්මදූත මධ්‍යස්ථානාධිපති බටුවත්තේ මහින්ද හිමිගේ ප්‍රධානත්වයෙන් අභය දානමය පිංකමක් සිදුකැරිණි.
30 වැනි වරටත් මෙවර සිදුකළ එම පිංකමට එච්.ඒ.නැන්සිනෝනා මාතාවට දීර්ඝායුෂ පතමින් ජී.ආර්.හේරත්මැණිකේ මහත්මියගේ දායකත්වය ලැබුණු අතර ප්‍රදේශවාසීහු රැසක්ද ඊට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි දසුන්, උඹට ගොඩක් පින් (බ)
ගොඩක් පින් වැඩක් දසුන් පුතා. මේ පවුලම මම දන්නවා. පොලිසියේ උසස් නිලධාරියෙක්ගේ බිරිය සහ පුතෙක් මේ ඉන්නේ. මමත් නුවර. මම අගය කරනවා මේ වැඩ (බ)
මමත් මේ වගේ අභය දාන වැඩ කරලා තියෙනවා. (නි)
හොඳ වැඩක් දසුන් අයියේ. මටත් මේ වගේ පින්කමක් කරන්න අවස්ථාවක් හොයලා දෙන්න. (නි)
මට මේ පුණ්‍ය කටයුත්ත කරන්න නම්බෙර් එකක් දෙන්න මම හරි ආසයි. අත්තම්මාට වයස කීයද? (බ)
මටත් මේ වගේ අභය දානයක් කරන්න ඕනෑ. කොහොමද කරන්නේ? හරිම සතුටුයි මේවගේ දේවල් දකිනකොට. (නි)
අනේ පින්වන්ත ආත්තම්මා කෙනෙක්. හරිම සිරියාවන්තයි. මේ වයසට මේ වගේ දේවල් කරන එක ගැන අපිට සන්තෝෂයි. අත්තම්මාට මේ පුණ්‍යකර්මය කරන්න උදව් කළ හැමෝටම ගොඩක් ස්තූතියි! (නි)
අත්තම්මයි මුණුපුරයි හොඳ වැඩක් නේද කරලා තියෙන්නේ. මේ කොමෙන්ට්ස් කියවද්දී මට තේරුනේ මේ පිංකම කරලා තියෙන්නේ මුණුපුරා තමන්ගේ අත්තම්මා වෙනුවෙන් කියල (බ)
දසුන් සර් ඔයා හරිම කරුණාවන්තයි අපිව කවදාවක්වත් කැම්පස් එකේදි හිරිහැර කළේ නැහැ. මේ වගේ වැඩ තවත් කරන්න. සර් පොලිසිය වගේ තමයි සමාජ සේවයට කැමතියි නේද. රටට උතුම් සේවයක් කරන්න පුළුවන් වෙන්න (බ)
වයසක අම්මාට ගොඩක් පින්. අම්මේ ඔබට දීර්ඝායූෂ පතනවා. තව තවත් මෙවන් පින්කම් කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවා.(හේ)
බුදු හාමුදුරුවන්ගේ තෙමගුල සිහි කරලා ලොකු පින් වැඩක් කරේ. අද රටේ වෙන දේවල් එක්ක බලද්දී මේ වගේ සද් භාවයෙන් කරන ක්‍රියාවන් අඩුයි. හැමෝම හිතට ගන්න මේ වගේ දේවල් කරලා මේ සමාජය සුවදවත් කරන්න. (ර)
බලන්නකෝ වහු පැටිය බය වෙලා වගේ ඉන්නේ. මරන්න ගෙනිච්ච අහිංසකය. කවුරු නමුත් ලොකු පිනක් කර ගත්තේ, අම්මට පින් අම්මේ. (හේ)
කුඩේට යටින් ඉන්නේ අම්මාද. අනේ හරිම සිරියවන්තයි අම්මා. අම්මාට දීර්ඝායූෂ වේවා අම්මේ. (හේ)
මේ අපේ විශ්ව විද්‍යාලයේ` දසුන් සර් නේද ඉන්නේ? සර්ට ගොඩක් පින් තමන්ගේ අත්තම්මට සලකනවට. සර් කොහොමත් විශ්ව විද්‍යලයේදීත් අපිත් එක්කත් සමාජ සේවයට හරිම ලැදියි නේ. හොඳ වැඩක් සර් (අ)
මෙවන් පින්කම් කරන්න මේ අම්මට ශක්තිය ලැබේවා. මගේ අම්මත් මේ වගේමයි. හරිම කරුණිකයි. (හේ)
ගොඩක් පින් හේරත් මැනිකේ මැඩම් (බ)
අම්මේ දිර්ඝායූෂ වේවා.(හේ)