සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් හුසේන් මොහොමඩ් මහතා සහ සෞදි අරාබියේ නියෝජ්‍ය ඔටුන්න හිමි මුක්රින් කුමාරයා අතර හමුවක් පසුගිය සදුදා ජෙඩා නුවරදී සිදිවු බව සෞදි පුවත් පත් වාර්තා කරයි.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සිදුවූ මෙම ද්වි පාක්ෂික සාකච්ඡාවේ ප්‍රධාන පරමාර්ථය වුයේ දෙරට අතර මිත්‍රශීලී බවත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වස් දෙරටෙහිම ව්‍යාපාරික ප්‍රජාව උනන්දු කිරීම බවත් සදහන්ය,
ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් හුසේන් මොහොමඩ් මහතා විසින් නියෝජ්‍ය ඔටුන්න හිමි මුක්රින් මහතා වෙත සංචාරක ව්‍යාපාරයත් වසර 26 ක සිවිල් යුද්දය 2009 නිමාවීමෙන් පසු ශ්‍රී ලංකාව විශාල සංවර්ධනයක් ලබා ඇති බවත් පුබුදින ශ්‍රී ලංකාවේ සුන්දරත්වය දැක බලා ගැනීමට ආරාධනා කළ අතර දැනටමත් සෞදි අරාබියා පුරවැසියන් නිවාඩු ගතකිරීමට විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවද සෞදි අරාබියානු පුරවැසියන් සදහා නිසි ආරක්ෂාව සහ නිදහස ශ්‍රී ලංකාවෙන් ලබා ගතහැකි බවද තානාපතිවරයා පැවසීය.මෙම සාකච්ඡාව විවිද මාතෘකා කිහිපයක් ඔස්සේ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
ශ්‍රී ලංකා තානාපති හුසේන් මහතා ශුද්ධවූ දේවස්ථාන දෙකෙහි භාරකාර අබ්දුල්ලා රජතුමාට විශේෂ ස්තුතිය පිරිනැමීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අගය කළයුතු ක්‍රියාවක්. රටවල් අතර හොද සම්බන්ධතාවයක් පවත්වා ගැනිම රටක ,රජයක වගකීමක් (නදී)
හොද දෙයක්. ඔය අතරට අපේ රටේ සේවිකාවන්ට සෞදි වල තියෙන කරදර ගැන කතා කරොත් තව හොදයි නේද.(ර)
ඔබේ වගකීම හොඳින් ඉටු කරන්න. ජයවෙවා.! (ර)