(ජේ.කේ.එල්. චාමින්ද)
මාළු ව්‍යාපාරිකයකුට ලබාදිය යුතු රුපියල් ලක්ෂ 06 ක මුදලක් ඔහුට ලබා නොදී එම මුදල වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අද (07) රත්ගම කිරිමැටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව තෙලිකඩ පොලිසිය පවසයි.
මෙකි මාළු ව්‍යාපාරිකයාගේ මාළු සැකකාර පුද්ගලයා විසින් තම ලොරි රථයෙන් කුලිපදනම මත මීගමුව ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට අලෙවි කිරීම සඳහා රැගෙන ගොස් ඇත.
මීගමුවේ මාළු වෙළෙන්දා විසින් මසුන් සඳහා රුපියල් ලක්ෂ 06 ක මුදලක් සැකකරුට ලබාදී ඇත. සැකකරු විසින් එම මුදල මාළු ව්‍යාපාරිකයාට ලබා නොදි වංචා කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙකි ගණුදෙණුව වී සතියකට පමණ පසු මාළු සඳහා මීගමුව ප්‍රදේශයේ මාඵ වෙළෙන්දා විසින් සැකකරුට මුදල් ලබාදී ඇති බව මාළු ව්‍යාපාරිකයා දැනගෙන ඇත.
ඔහු මේ පිළිබද සැකකරුගෙන් විමසා ඇති අතර එය තමන්ට වියදම් වු ඔහු පවසා තිබේ පසුව සැකකරු විසින් .රුපියල් ලක්ෂ 06ක මුදල සඳහා චෙක්පතක් ලබාදී තිබේ.
මාළු ව්‍යාපාරිකයා විසින් එම චෙක්පත මගින් බැංකුවට මුදල් ලබා ගැනීමට ගිය අවස්ථාවේ සැකකරුගේ ගිණුමේ මුදල් නොමැති බව දැනගෙන ඇත.
පසුව ඔහු මේ පිළිබද තෙලිකඩ පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක්ෂ 06 ක මුදලක් වංචා කළ අයෙක් අත්අඩංගුවට