(ශාන්ත ප්‍රදීප් කුමාර සහ ජයමාල් චන්ද්‍රසිරි)
ගෙවල් බිඳුම් තිස්පහකට වරදකරු වී වසර හයක් බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණ මාස තුනක් ඇතුළත දී තවත් ගෙවල් බිඳුම් 12 කින් රුපියල් ලක්ෂ 30 ට ආසන්න මුදල් හා දේපල සොරාගත් පුද්ගලයකු අද (5) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මිලි ග්‍රෑම් 1120 ක් පොලිස් බාරයට ගැණිනි.
සැකකරු සොරාගත් ලැප් ටොප් 5 ,එල්.ඊ.ඩී රූපවාහිනියක්,පරිගණක මොනිටරයක් , ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 5 ,රෝස්ටරයක් ,තිර රෙදි , සුවඳ විලවුන් හා ලක්ෂ 11 ක් වටිනා රන් භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
මෙසේ සොරාගත් භාණ්ඩ ඉතා අඩු මිලට උකස් භාණ්ඩ ලබා ගන්නා ස්ථාන වලට විකුණා මුදල් ලබාගෙන ඇති අතර එම මුදලින් හෙරොයින් පානය කර ඇතැයිද පොලිසිය පවසයි.
සැකකරු දිනකට රුපියල් 12,000 -15000 අතර මුදලක් වැයකර හෙරොයින් පානය කිරීමට පුරුදුව සිට ඇතැයි ද පැවසේ.
අත්අඩංගුවට ගත් සැකකරු කැළණිය ප්‍රදේශයේ පදිංචි (41) හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලක්ෂ 30 ක මුදල් - දේපල සොරා ගත් පුද්ගලයකු අල්ලයි