(කේ. බුද්ධික කුමාරසිරි)
හෙරොයින් මිලදී ගැනීම සඳහා නිවාසවලින් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා විදුලි උපකරණ තොගයක් සොරාගත් පුද්ගලයකු අද(04) හබරකඩදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
ඔහු සතුව තිබී හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 100 ක් ද පොලිසිය සොයාගෙන ඇත.
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ නිවසකින් වරින්වර විදුලි උපකරණ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියට ලද පැමිණිල්ලක් මත, කළ විමර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු විසින් මුල්ලේගම සහ පනාගොඩ ප්‍රදේශවල නිවාසවලින් සොරකම් කරන ලද ලැප් ටොප් පරිගණක 3 ක්, විවිධ වර්ගයේ විදුලි උපකරණ, පලංචි, දොරවල් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, හෝමාගම හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 30 හැවිරිදි එක්දරු පියෙකි. දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති බැවින් දිනපතා හෙරොයින් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා සොරකමේ යෙදී ඇති බව සැකකරු පාපොච්චාරණය කළ බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලක්ෂ දෙකක විදුලි උපකරණ සොරාගත් අයෙක් අත්අඩංගුවට