බ්‍රිතාන්‍යයේ ආගමික සහජීවන සතියට සමගාමිව විවිධ ආගම් අදහන්නන් අතර සහජීවනයක් ගොඩනැංවීමේ අගය සාකච්ඡා කරන රැස්වීමක් ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ආරාධනයෙන් මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් සංස්කෘතික සහ අධ්‍යාපන කටයුතු භාර මනෝජ් වර්ණපාල මහතා, ක්‍රිස්තියානි භක්තිකයින් නියෝජනය කරමින් එඩ්වර්ඩ් බාර්ලෝ පියතුමන්, හින්දු භක්තිකයින් වෙනුවෙන් ලන්ඩන් ශේවාස්ත්රම් සංඝ සභාවේ ස්වාමි නිර්ලිප්තානන්ද, ඉස්ලාම් භක්තිකයින් නියෝජනය කරමින් වින්ඩ්සර් සහ මෙඩන්හෙඩ් නාගරික මන්ත්‍රී හෂීම් භාර්ටි, සීක් භක්තිකයින් නියෝජනය කරමින් හවුන්ස්ලෝ භක්ති එකමුතුවේ චරන්ජිත් අජිත් සිං, බැටර්සි සමඟි ස්තූප වාසී ග්යෝරෝ නගාසි සහ බ්‍රිතාන්‍ය අන්තර් ආගමික සංවිධානයේ ප්‍රධානී ආචාර්ය හැරියට් ක්රබ්ට්‍රී සමඟ විශාල පිරිසක් සහභාගී වුහ.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ රාහුල දහම් පාසලේ දරු දැරියන් විසින් පිළිගැනීමේ නැටුම් අංගයක් ද සියලු සත්වයින් උදෙසා කරුණාව සහ මෛත්‍රිය ප්‍රාර්ථනා කරන කරණීය මෙත්ත සුත්‍ර දේශනාවේ වැදගත්කම ගෙනහැර පෑ විෂේශාන්ගයක්ද ඉදිරිපත් කෙරුණි.
ලෝකයේ දැනට පවත්නා ප්‍රධාන ආගම් සියල්ලගේම ශ්‍රාවකයින් බ්‍රිතාන්‍යයේ ජීවත්වෙති. එම පිරිස් අතර ඔවුන්ගේ ඇදහීම් සහ සම්ප්‍රධායන් පිළිබඳ අනෝන්‍ය අවබෝධයක් වර්ධනය කිරීමත් සියලු ආගම් අදහන්නන් අතර සහජීවනයක් ගොඩ නැංවීමත් අරමුණුකොට 1987 දී ආරම්භ කෙරුණ බ්‍රිතාන්‍ය අන්තර් ආගමික සංවිධානයේ මුල් කණ්ඩායමට ලන්ඩන් බෞද්ධ විහාරය ද ඇතුළත් විය. එවකට විහාරාධිපති වශයෙන් කටයුතු කළ මැදගම වජිරඥාන නාහිමියන් මෙම සංවිධානය ආරම්භ කිරීම සඳහා මුලිකත්වයක් ගෙන කටයුතු කළහ.
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලන්ඩනයේදී ආගමික සහජීවනය ඇගයීමක්