(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
බළන්ගොඩ අමුපිටිය ප්‍රදේශයේදී අද (24) වැනිදා ලොරියක ගැටී යතුරුපදියක ගමන්කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගොස් ඇත.
යතුරුපැදියේ ගමන්කළ කොස්තාපල්වරයා බදුල්ල දෙසට ගමන්කරමින් සිට ඇති අතරලොරිය බදුල්ල දෙසින් කොළඹ දෙසට ධාවනය කරමින් සිටියදී අමුපිටිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ පැල්මඩුල්ල, කුට්ටපිටියේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස පින්නවල පොලීසියට අනුයුක්තව සේවය කළ 78722 බන්දුල කීර්තිරත්න නම් තිස්හය හැවිරිරිදි පුද්ගලයෙකි.
අනතුරට පත් කොස්තාපල්වරයා බළන්ගොඩ මූළික රෝහළට ඇතුළත් කර ඇති අතර ඒවන විටත් මියගොස් තිබූ බව පින්නවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. පී අමරතුංග මහතා පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් බළන්ගොඩ පොලිස් අධිකාරී ඩී.එස්.ජී.සන්දනායක, කොට්ඨාස භාර පොලිස් අධිකාරී බුද්ධීක සිරිවර්ධනයන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පින්නවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. පී අමරතුංග මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ මෙහෙයවීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොරි - යතුරුපැදි අනතුරින් පොලිස් කොස්තාපල්වරයා මරුට