IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


වී අලෙවි මණ්ඩලය ප්‍රථම වරට ගාල්ල දිසාවෙන් වි මිලදී ගනියි

(සුමතිපාල දීයගහගේ) 

වී අලෙවි මණ්ඩලය ප්‍රථම වරට මෙවර යල කන්නයේ සිට  ගාල්ල දිසාවේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට කටයුතු යොදන බව වී අලෙවි මණ්ඩලයේ දකුණු පළාත් කලාප කළමනාකරු සුරංග සේනානායක මහතා පවසයි.
 
ගාල්ල දිසාවෙන් මිලදී ගන්නා වී ගබඩා කිරීම සදහා  ආහාර දෙපාර්තමේන්තුවට අයත් ගාල්ල බූස්සේ පිහිටි ආහාර ගබඩා ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙස වී අලෙවි මණ්ඩලය ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරන මහතාගෙන් ඉල්ලා ඇතැයිද  සුරංග සේනානායක මහතා පවසයි. 
 
එම ගොඩනැගිල්ල ලැබුණ වහාම ගාල්ල දිසාවේ ගොවින්ගෙන් වී මිලදි ගැනිමේ කටයුතු ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබේ.මේ පිළිබද වැඩි දුරටත් අදහස් දැක්වූ සුරංග සේනානායක මහතා මෙසේදී  කිය. 

''ගාල්ල දිසාවේ ගොවින්ගෙන්  වී  අලෙවි මණ්ඩලය වී මිලදී ගැනිමට යන්නේ ප්‍රථම වරටයි. මේ සදහා වී අලෙවි මණ්ඩලය ක්‍රමවේද තුනක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව වී අලෙවි මණ්ඩලය ඝෘජුවම ගොවින්ගෙන් වී මිලදීගැනීම එක ක්‍රමවේදයක්, එහිදී වී කිලෝ ග්‍රෑම් එකකට ගොවීන්ට රුපියල් 50 බැගින් ගෙවනවා.

දෙවන ක්‍රමය තමයි නියොජිතයින්ගේ මාර්ගයෙන් වී මිලදී ගැනිම. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් මේ සදහා නියෝජිතයින් පත් කරනවා. වී අලෙවි මණ්ඩලය වෙනුවෙන් ඔවුන් ගොවින්ගෙන් වී ලබා  ගෙන එම වී තොග බූස්ස මධ්‍යස්ථානයට ගෙනවිත් භාර දෙනවා. එසේ බූස්ස ගබඩාවට වී භාර දෙන නියෝජිතයින්ට එක් වී කිලෝ එකකට රුපියල් එකයි ශත පනහ බැගින් ගෙවනවා.ගොවින්ගෙන් වී මිලදී ගැනිමට මුදල් වැය කරන්නේ වී අලෙවි මණ්ඩලයයි මීට අමතරව තුන්වන ක්‍රමය ලෙස ක්‍රියාත්මක වන්නේ තෙත වී මිලදී ගැනිමේ ක්‍රමයයි. වී අලෙවි මණ්ඩලය තෙත වී සදහා කිලෝ එකකට රුපියල් 44 බැගින් ගෙවා මිලදී ගෙන වී  වියළීමට පහසුකම් ඇති පුද්ගලයින්ට (වී මෝල් හිමියන් වැනි)  භාර දෙනවා. ඔවුන් තෙත වී වියලා වී අලෙවි මණ්ඩලයට භාර දිය යුතුයි. තෙත වී වියලීම වෙනුවෙන් එක් කිලෝ එකකට රුපියල් හතරක් වී අලෙවි මණ්ඩලය විසින් වී වියලන පුද්ගලයින් ගෙවනවා. එහිදී වී කිලෝ එකක් රුපියල් 44 බැගින් ගොවීන්ගෙන් මිලදී ගන්නවා'' යයිද   සුරංග සේනානායක මහතා පැවසීය.



අදහස් (0)

වී අලෙවි මණ්ඩලය ප්‍රථම වරට ගාල්ල දිසාවෙන් වි මිලදී ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 409 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 441 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 540 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 393 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 54 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 20 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1055 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site