උපතින් ම මුහුණ විකෘති වීම හේතුවෙන් මව්කිරි පවා උරාබීමට නොහැකිව සිටි දරුවකු පැය හයක සැත්කමකට ලක් කිරීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකි වූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මුඛ, හනු හා මුහුණ පළිබද ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු කියති.
ඇඹිලිපියේ යුවලකට දාව උපන් මේ දරුවා විශ්මිත ලක්ෂාන් නමැතිය. වයස අවුරුදු එකයි මාසයකි. දරුවාගේ මුහුණේ වම් පැත්ත බැලූ විට පෙනෙන්නේ ඔහුට කටවල් දෙකක් පිහිටා ඇති බවයි. වම් පසින් බැලූ විට දරුවාගේ කටත් ඇසත් අතර ඉඩක් නැතිව ඒ දෙක එකට ඇලී පවතින අයුරක් දක්නට ලැබිණි.
සැත්කම සිදුකළ මුඛ, හනු හා මුහුණ පිළිබද ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩී.කේ.ඩයස් මහතා පවසන්නේ දරුවාගේ දකුණු පැත්තේ උඩ හනුව අර්ධ වශයෙන් දෙකට බෙදී තිබූ බවයි. වම් පැත්තේ උඩ හනු අස්ථිය හා ඇස් කුහරය හා උඩහනුව එකිනෙක බද්ධ වී තිබූ බවත් ඔහු කියා සිටියේය.
‘‘ අපි මේ දරුවාගේ මුහුණ ප්‍රකෘත්තිමත් කිරීමේ සැත්කමක් කළා. එහිදී ඔහුගේ මෘදු පටක හා පේෂි යළි සකස් කරලා මේ විකෘතිය හැකිතාක් අඩු කළා. ඉදිරියේ දී ඔහු සම්පූර්ණයෙන් ම යථා තත්ත්වයට පත්කිරීමටනම් තවත් සැත්කම් දෙකක් පමණ සිදුකළ යුතු වනවා. ඒ සදහා දරුවාගේ අස්ථි තව වැඩෙන්න අවශ්‍යයි. මේ කාලයේ දී එය කළ නොහැකියි. “
නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කේෂරී ද සිල්වා මහත්මිය සැත්කම සදහ දරුවා නිර්වින්දනය කළාය. මුඛ, හනු හා මුහුණ පිළිබද ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයත්, කරාපිටිය රෝහලේ ඊ සහ එෆ් ශල්‍යාගාර කාර්ය මණ්ඩලයත්, ළදරු දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුත් මේ දරුවා සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීම සදහා මහත් වෙහෙසක් දැරූහ.
මෙතෙක් උදරයට බටයක් දමා ආහාර ලබා දීම සිදුකර දරුවා දැන් ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඉදිරි දින කිහිපයේ දී උගුරට ආහාර ඇතුළු කිරීමට කටයුතු කරන බවත් ඉතා ඉක්මනින් දරුවාට සාමාන්‍ය පරිදි ආහාර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද වෛද්‍යවරුන්ගේ බලාපොරොත්තුවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරු පැටියටත් කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණ වේවා. දරු පැටියාට වේදනාවෙන් තොර නිරෝගී සුවය හැකි ඉක්මනින් ලැබේවා (ම)
දරු පැටිය පව්..ඉක්මන් සුවය ලැබේවා..(ම)
වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයට ස්තුතියි චූටි පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි . (ම)
බොහොම පින් හැමදෙනාටම. ඉක්මන් සුව පතමි. (ම)
මීහිපිට දෙවිවරු, දරුවාට ඉක්මන් සුවය ලැබේවා.(බ)
මේවගේ දරුවෙක් ඉන්න දෙමාපියන්ට දැනේනේ දුක මම අත්දැකීමෙන්ම දන්නවා...මේ දරුවාගේ දෙමාපියන්ගේ දුක නිවපු වෛද්‍යවරුන්ට බුදු බව අත්වේවා...!!! (ම)
සැත්කමට සම්බන්ධ වුණ හැමෝටම පින් වර්ජන ගැන තර්ජන කරන අයට වඩා ඔබල සමුහය මිහිපිට දෙවියන්මය (ම)
වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයට මගේ හද පත්ලෙන් නැඟුනු උණුසුම් ආශිර්වාදය! මේ දරුවට ඉක්මන් සුවය ලබෙවායි මම හද පතුලෙන්ම පාර්ථනා කරමි. (ර)
චූටි පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි! (ර)
අනේ පව් ඒ ළමයා. අනාගතේ සමාජයට කොහොම මුහුණ දෙන්න වේවිද? (ර)
ඉක්මන් සුවය ලැබේවා....!!!!! (නි)
හොඳ වැඩක්. මෙවැනි දේ අපි අගයන්න ඕනේ (බ)
අගය කළ යුතු වැඩක් වෛද්‍ය තුමනි, ඔබට පින් ,ඉක්මන් සුව ලැබී ඊළග සත්කමිනුත් ප්‍රකෘති තත්ත්වයට ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා, (ම)
චන්දන ඔබ හරියටම හරි....(බ)
මේ දරුවට ඉක්මණින් නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා. මේ පිංකම කළ දොස්තර මහත්වරුන්ට ආත්ම ගානක් පින් ලැබේවා. (ම)
පුංචි පුතාට බුදුසරණීන් ඉක්මන් සුවය ලැබේවා. අහිංසකයා ලොකු වේදනාවක් විඳිනවා ඇති.ඒවගේම අපේ ප්‍රණාමය මේ ශල්‍ය කර්මයට දායක වුණු හැමෝටම. (ම)
මිහිපිට දෙවිවරු ඔබය අපේ ප්‍රණාමය !!! (ම)
පුටු රත් කරන වෛද්‍යවරුන්ට සහ පැත්තක ඉඳල ජායාරුප වලට ඉන්න වෛද්‍යවරුන්ට නොවේ, මේ වගේ ශල්‍ය වෛද්‍යවරුන්ට නොමිලේ වාහන සහ සියලු පහසුකම් දියයුතුයි. පර්මිට් එකට නෙවෙයි (ර)
වෛද්‍යවරුනේ ඔබ තුමන්ලා වගේ වෛද්‍යවරු අපේ රටට උතුම් වස්තුවක් (බ)
මෙවැනි වෛද්‍යවරුන් මතු බුදුවේවා! (නි)
ඒ විශ්වකර්ම වෙදමහතුන්ට පින්පෙත් පුදලා, පින්දහම් කරන්න පුතේ මතු ජීවිත වලදී ඔවුන්ට විපත් නොවන්න (නි)
ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)
මිහිපිට දෙවිවරුන් වැනි ඔබතුමන්ලාට සියලු දෙවි රැකවරණය පතනවා. දරුවාටද ඉක්මන් සුවය පතනවා (නි)
මිනිසා තමාගේ පෙර කර්මය නිමාකිරීම මෙයින් පෙන්වාදීම අප හොඳින් තේරුම් ගන්නේ නම් අපි කෙතරම් බුද්ධිමත්ද? (නි)
ස්තූතියි වෛද්‍යතුමනි! (නි)
චූටි පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි! (නි)
බුදුසරණින් ඉක්මනට සනීප වෙන්න රත්තරන් පුතේ ..... (නි)
විශිෂ්ටයි! අපේ ආචාරය ඔබට! (නි)
ප්‍රසිද්ධියක් නැති , ලොකු හඬක් නැති විරුවන්. වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයට මගේ හද පත්ලෙන් නැඟුනු උණුසුම් ආශිර්වාදය! ඔබ සැමට නිදුක් නිරෝගී බව ලැබේවා! (නි)
අනේ පවු.මේ පුංචි දරුවා කොච්චර නම් වේදනාවක් විඳිනවද? තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා...! සියලුම දොස්තරවරුන්ට අපේ ප්‍රණාමය. දරුවා ලොකු වුණාම ප්ලාස්ටික් ශල්‍යකර්මයක් කරන්න. අපිත් ආධාර කරන්නම්. ලංකාදීපයට දන්වන්න. (නි)
රෝහලේ වෛද්‍යවරුන් සියළු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා! (නි)
මේ ජීවමාන දෙවිවරු නොපෙනෙන දෙවිවරු අභිබවාගොස් ඇති බව පෙනේ (නි)
මේක නම් ආශ්චර්යයක් (නි)
ඔබගේ අතීත විස්කම්ද බොහොමක් තිබෙනවා. මීට වඩා මෙවැනි උතුමන්ලා අගය කළයුතු වෙනවා. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදිය යුතුයි (නි)
සුගන්ධ, සියල්ලම පෙර කර්මයන්ට අනුව සිදුනොවේ. නියාම ධර්ම වලට අනුවයි මෙය තේරුම් ගතයුත්තේ. මෙය බීජ නියාමයට අනුව බීජ දෝෂයක් විය හැක. කර්ම නියාමයක්ද විය හැක. ලස්සන දුරුවෙක්. නවීන විද්‍යාවෙන් ඔහුට ප්‍රතිකාර ලබා සුවය ලැබේවා! (නි)
ඉතා අගය කළයුතු වැඩක්. සියලු දෙනාටම බුදු සරණයි! (නි)
වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයට මගේ හද පත්ලෙන් නැඟුනු උණුසුම් ආශිර්වාදය! ඔබ සැමට නිදුක් නිරෝගී බව ලැබේවා! (නි)