(උපාලි ආනන්ද)
විශේෂඥ වෛද්‍යවරියකගෙන් රුපියල් ලක්ෂ සියයක පමණ මුදලක් සහ රුපියල් ලක්ෂ තිස් හතරක් පමණ වටිනා කැමරා උපකරණ වංචා කර එම දේපල සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සෆාරි සේවා සපයන්නෙකුට එරෙහිව පවතින නඩුව ලබන ජූනි මස 5 වන දින යළි කැ ඳවීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය නියෝග කළාය.
මෙම නඩුවට අදාල නඩු භාණ්ඩ තමන්ට මුදා හරින ලෙසට පැමිණිලිකාර විශේෂඥ වෛද්‍යවරිය අධිකරණයෙන් කල ඉල්ලීම එදිනට සලකා බැලිමට තීරණය කල මහේස්ත්‍රාත්වරිය මෙම නඩුවේ සැකකාර සෆාරි සේවා සපයන්නාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද තවදුටරත් නියෝග කෙරිණි.
මෙම සිද්ධියට අදාල නඩුව නොච්චියාගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ පැමිණිලිකාර විශේෂඥ වෛද්‍යවරි නීතිඥ සුභාෂණී මේනකා සිරිසේන මහත්මිය මගින් අධිකරණයෙන් අයැද සිටියේ තමන් සැකකරුට ලබා දී ඇති දැනට නඩු භාණ්ඩ ලෙස නම් කර තිබෙන කැමරා උපකරණ තමන්ට මුදා හරින ලෙසයි
මෙම නඩුවේ සැකකරු ලෙස නම් කර දැනට අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටිනුයේ ඉසුරු චතුරංග දයානන්ද නමැති විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සෆාරි සේවා සපයන්නෙකි වව්නියාව මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක නොච්චියාගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන රිමාන්ඩි බාරයට පත් කර පසුව ඇප මත මුදා හැරිණි.
සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා මීට පෙර සදහන් කළේ සැකකරුට එරෙහිව නොච්චියාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති විශේෂඥ වෛද්‍යවරිය විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කරන අයෙකු බවයි ඇයට ජාතික හැදුනුම්පත් දෙකක් ඇති බවද අධිකරණයට අවධාරණය කල නීතිඥවරයා ඒ බව සනාථ කළ හැකි ලේඛන සහ ඊ මේල් කෙටි පණිවිඩ තමන් සතු බවද කීවේය.
පැමිණිලිකාර විශේෂඥ වෛද්‍යවරියගේ අයිතිවසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍රි ලාල් තලංගල්ල මහතා අධිකරණයට ප්‍රකාශ කලේ සැකකරු පැමිණිලිකාර වෛද්‍යවරියගෙන් රුපියල් ලක්ෂ තිස් හතරක් පමණ වටිනා කැමරා උපකරණ ලබා ගෙන ඇති බවයි ඊට අමතරව පැමිණිලිකාර වෛද්‍යවරිය ඔහුට මුදලින් රුපියල් ලක්ෂ සියයක් අවස්ථා තිස් තුනකදී ලබාදී ඇති බවත් ඒ බව සනාථ කල හැකි අදාල ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවද නීතිඥවරයා සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෛද්‍යවරියගේ මුදල් සොරකම් කළ සෆාරි රියදුරාගේ නඩුව කල් යයි