(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කිසියම් අයකුට අනතුරක් වේ යැයි සිතා මහමග වැටී තිබූ විදුලි රැහැනක් ඉවත් කිරීමට ගිය පුද්ගලයකු විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිරිහාන පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ දැරණියගල, දෙල්ඔළුව, වල්පොල, පදිංචි හිටිගෙදර මුදියන්සේලාගේ උපාලි රංජිත් (42) හැවිරිදි විවාහකයෙකි.
මෙම පුද්ගලයා අංගොඩ ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයක සිට මිරිහාන ප්‍රදේශයේ නිවසකට ටිපර් රථයකින් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී, බැද්දගාන හන්දිය ආසන්නයේ මාර්ගය හරහා විදුලි රැහැනක් වැටී තිබී ඇත. ඉන් පදිකයින්ට අනතුරක් වේයැයි සිතා එය ඉවත් කිරීමට යාමත් සමඟ විසන්ධි නොවී තිබූ විදුලි සැර වැදී අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
ඉන් අනතුරට පත් පුද්ගලයා මහමග වැටී සිටියදී මාර්ගයේ ගමන් ගත් වෙනත් පුද්ගලයකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් බාරදී ඇති අතර එහි හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පැවසෙයි.
මියගිය පුද්ගලයා සන්තකයේ තිබූ දුරකතන අංකයකට දන්වා ඥාතීන් කැඳවා දේහය හඳුනාගැනීමෙන් අනතුරුව කළුබෝවිල හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු විපුල නරසිංහ මහතා විසින් දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදුකෙරිණි.
එහිදී මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජේ.පී. අබේසිංහ මහතා විසින් නිකුත් කර තිබුණි.
ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාව හා සාක්ෂි සැලකිල්ලට ගනිමින් මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබාදෙමින් අනතුර සිදුවූ බල ප්‍රදේශය අයත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරයාගේ වාර්තාවක් 2021/02/06 කැඳවන ලෙසට හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු විපුල නරසිංහ මහතා පොලීසියට නියෝග කළේය .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විදුලි රැහැනක් ඉවත් කිරීමට ගිය අයෙක් විදුලිසැර වැදී මරුට