(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම විදුලිබල මණ්ඩල කාර්‍යාලයට විදුලි බිල් පතක් ගෙවා නැවත එමින් සිටි පුද්ගලයකු එම කාර්යාලය පරිශ්‍රය තුළදීම වැටී මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ හෝකන්දර , සිංහපුර, පදිංචි අන්ද්‍රා හැන්නදිගේ කරුණාරත්න (59) තිදරු පියකු බව පොලිසිය කියයි .
මෙම පුද්ගලයාට අයත් නිවසක විදුලි බිල්පතක් ගෙවීම සඳහා හෝමාගම විදුලිබල මණ්ඩල කාර්යාලයට පැමිණ ඇති අතර බිල්පත ගෙවා නැවත නිවසට යමින් සිටියදී එක්වරම,කාර්යාල පරිශ්‍රය තුළ බිම ඇද වැටී ඇතැයි පැවසේ.
පසුව එම ස්ථානයට බිල්පත් ගෙවීම සඳහා පැමිණ සිටි කිහිපදෙනෙකු බිම ඇදවැටුණු පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යන අතරතුර දී මෙසේ මිය ගොස් ඇතැයි පැවසේ .
ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකරන ලදී.
මියගිය පුද්ගලයා පදිංචි ප්‍රදේශය අයත් තලංගම පොලිස් ස්ථානයට සිද්ධිය වාර්තා කිරීමත් සමඟ ඉන් පොලීස් නිළධාරියෙකු පැමිණ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී.
ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් අද (7) හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේ දී සිදුකිරීමට නියමිත ය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විදුලිබිල ගෙවන්න ආ අයෙක් ඇද වැටී මරුට
lanka Wednesday, 07 October 2020 10:04 AM
පව් අසනීපෙන් ඉන්න ඇත්තේ.